රාජපක්ෂ තාපස නිකාය ගාලු මුවදොර වෙත වැඩම කරවූ හේවිසි පිංකම පුරහල අසලින් අවසන් විය. යාමට අපේක්ෂිත අරමුණ වෙත  ගමන් කළේ නැත.



ඒ ගමන  නතර කළේ කවුද?  බුද්ධ ශාසනය භාර විෂ්ණු දෙවියන් විසින් මිස වෙන කිසිවෙකු නොවිය හැකිය.

ලෝකයේ බොහෝ ආගම් අන්තවාදි කියවීම් හේතුවෙන්  විකෘතිව විනාශ විය. යුරෝපයේ බෙහෝ පල්ලි පාලුවී ගියේ ඒ නිසාය. හේතුව කාලය සමග වෙනස් වන මිනිස් වටිනාකම් සමග ගමන් නො කිරීම හේතුවෙනි.  මිනිස් ප්‍රජාව රැවටීම නිසාය.



ඒ අවදානමට මෙතෙක් ආගම් ඇදහිලිවලට මිස කිසි විටෙකත් දර්ශනවාදයන් වෙත එල්ල නොවීය.  දර්ශන යනු ප්‍රබුද්ධ මිනිසුන්ගේ කල්පනාවන්ය. ඒ අර්ථයෙන් බුද්ධාගමත් දර්ශනයක් මිස ආගමක් නොවේ.



දඹදිව දිග් විජය කළ අශෝක ධර්මාශෝක කළේ බෞද්ධ දර්ශනය විසිනි. ඒ වෙනස සිදු කළේ ලොකු බණෙ දේශනාවක් නොවේ.  කුඩා සාමනේර හාමුදුරුනමකගේ සංසුන් ගමනක් ඇස ගැටීමය. මේ කතාව භාරත ඉතිහාසයෙන් කොටසකි.

අදටත් ඉන්දීය භූමියේ දැකගත හැකි අශෝක ස්ථම්භ ඊට සාක්ෂි දරති. එපමණක් නොවේ. ඉන්දිය ජනරජ ලාංචනය ජීවමාන සාක්ෂියකි. අශෝක චක්‍රය ඉන්දීය ජන රජයේ ලාංචනය බවට යෝජනා කළේ ආචාර්ය අම්බේඩ්කාර් විසිනි. අම්බේඩ්කාර් බෞද්ධයෙකි.

ඊයේ අප්‍රෙල් 12 වෙනිදා ගාමු මුවදොර බලා පිටත්ව නව නගර ශාලාව අසලින් අවසන් වුණේ බෞද්ධ භික්ෂුන් පෙරටු කරගත් ගමනකි. ඒ ගමනට එක්ව සිටි වැඩි පිරිස සාමනේර භික්ෂුන් වහන්සේලා වෙති. අප වෙත ලැබුණ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ නම් ඒ පෙරහැර අතර මගදී කුඩා සාමනේර හාමුදුරුවරු පිරිසක් පෙරහැරෙන් ඉවත්ව යන්ට ගියහ.

 

 

මට මේ  දර්ශන නරඹන අතර, දම්බරාවේ රතනසාර පොඩි හාමුදුරුවෝ සිහිපත් විය.

දම්බරාවේ රතනසාර පොඩි හාමුදුරුවේ මහනුවර පාත දුම්බර දම්බරාවේ උපත ලැබීය. දිළිදු පවුලක උන්වහන්සේ 1966 ජනවාරි 08 වෙනිදා වනවිට අත්තනගල්ලේ පිරිවෙනක සිට කොළඹට වැඩම කළේ දානයකට හෝ පිරිතකට නොවේ. දෙමළ භාෂා විධධිවිධාන පනතට එරෙහිව කළ උද්ඝෝෂණය සදහාය.

ඊට මුල් වුණේ මොට්ටුන්නේ ඉන්දසාර නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ නමක් විසිනි. ගාලු පාරේ ඇතිවූ කලබලයකදී ආරක්ෂක හමුදා සිදු කළ වෙඩි තැබීමකින් දම්බරාවේ පොඩි හාමුදුරුවෝ මහ පාරේම අපවත් වූහ. අදත් උන්වහස්සේ නමින් එහි ඉදි කළ ස්මාර්කය දැකිය හැකිය.

රාජපක්ෂ නිකායේ හේවිසි සහිත පෙරහැර ගාලු මුවදොර පිටියට ගියා නම් තවත් භික්ෂුන් වහන්සේ කිහිප නමකට ගිනි බිද මහා වින්නැහියක් වීමට ඉඩ තිබිණ. එසේ වි නම් .... රාජපක්ෂලාත් කෝට්ටේ පාර්ශවයත් ගොඩය.

asder

දම්බරාවේ පොඩි හාමුදුරුවෝ දේශපාලන කාඩයන් විසින් ස්වාර්ථය හිංසනය සදහා යොදා ගත් එක් අවස්ථාවක බිල්ලක් පමණක් විය.

1956 දේශපාලනය කෙළින් කළේ අරමුණු දෙකක් පෙරට දමාගෙනය. ඒ ආගම සහ භාෂාවය. ආගම බුද්ධාගම විය. එරෙහි වචනය කතෝලික ආක්‍රමණයයි. භාෂාව සිංහල විය. එරෙහි වචනය දෙමළ විය.

ආගම සහ භාෂාව හරහා වසර 66ක් ලංකාවේ බලලෝභී දේශපාලකයන් බලය පවත්වා ගෙන ගියහ. දෙදහස් නවයේ තිස් අවුරුදු යුද්ධය අවසන්වූ පසුව තවදුරටත් දෙමළ හරහා ලේ කුපිත කළ නොහැකි විය. ඊළගට බෞද්ධ භික්ෂුව යවන ලද්දේ මුස්ලිම් පල්ලිය වෙතය.

ලංකාවේ මුස්ලිම්වරු 1956දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමට සහාය දුන් ජන කොටසකි.

වද පෙති වද කොත්තු දොස්තර සාෆි හරහා යම් දුරක් ගියහ. පාස්කු ඝාතන ඒ දේශපාලනයේ කොටසක් බව මේ වනවිට ලෝකයම තේරුම් ගෙන හමාරය.

hjhdfgfd 


මේ අප්‍රෙල් ආරම්භය සමග කොළඹ ගාලු මුවාදොර පිටියේ ඒකාරාශීව ඇති ජනතාව දේශපාලනික චලනයකි. එය සිංහල දෙමළ හෝ මුස්ලිම් පලහිලව්වක් නොවේ. එය බඩගින්න මිනිස් අයිතිවාසිකම් පිළිබද අදෝනාවකි. කිසිවෙකු ආයුධ ගෙන පැමිණ නැත. කරන්නේ ඉල්ලීමකි.

ඒ ඉල්ලීම සාරාංශ කළ විට යහ පාලනය අයැදීමකි. රට වැටී ඇති ආර්ථික දුෂ්කරතාවන්ට හේතුව දේශපාලනය බව නව මුදල් ඇමති කළ රුපවාහිනි සාකච්ඡාවේදි පිළිගත්තේය. නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අනුවද එයම තහවුරු වේ.

මෙතෙක් බෞද්ධ භික්ෂූන්ට උතුරේ අලිමංකඩ තෙක් ගමන් කළ හැකිව තිබිණ. ඊයේ නිදහස් චතුරශ්‍රයෙන් ඒ ගමන ගාලු මුවාදොරින් අවසන් කළ නොහැකි විය. අතරමග නතර විය. හේතුව සිංහල බෞද්ධ අයිතින් වෙනුවෙන් අරමුණු කළ හෙයිනි.

ත්‍රිපිටකයේ කිසි තැනක සිංහල බෞද්ධ යනුවෙන් කිසිදු සදහනක් නැත.



hfbfc

ඊයේ ගාලු මුවදොර පිරී සිටියේ මිනිසුන් ගෙනි. ඒ මිනිසුන් ආගම් හෝ ගෝත්‍ර නාමයෙන් එක් රැස් වුවෝ නොවෙති.

බඩගින්නට අසාධාරණයට එරෙහි මිනිස් ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් රට තුළ ඇතිවූ චලනයක් එහි දක්නට ලැබිණ. ඒ ජන රාශිය දේශපාලනික නොවූහ. මානුෂිකවාදි වූහ.



සිංහල දෙමල මුස්ලිම් ආදි පටු දේශපාලනය විසින් කොටවා වෛරක්කායන් බවට පත් කළ ලාංකේය තරුණ පරපුරේ ශක්තිය එහි ඒකරාශීව තිබිණ. පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට ලක්වූ මහා ඛේදවාචකයේ විලාපයද එහි විය. රටේ පාලනය සිය ග්‍රහණයට ලක් කර ගෙන සිටින පාලකයන් තම ගැලවීම පිණිස මුදා හළ සිංහල බෞද්ධ පෙරහැර ගමනාන්තය අහිමිව අතරමං වුණේ ඒ මිනිස් අධිෂ්ඨානය නිසාමය.  

 
 
ඒ විවිධ පීඩාවන්ගෙන් තෙරපෙන  මිනිසුන්ගේ සාපය නිසාද? එය තීන්දු  කිරීමට කල් වැඩිය.

12 වෙනිදා සවස් කාලය වනවිට නන්දා මාලනිය එහි පැමිණීයාය. ඇය වියලි කලාපය තෙමන වැස්සක් වීමට ප්‍රාර්ථනා කළ කලා කාරියකි. බඩසාදුකින් පෙළෙන පැල්පතක බතක් වීමට සිහින දුටු කලාකාරියකි. කිසි විටෙක ස්වාර්ථයෙන් බල ලෝභීන්ට කඩේ නොගිය කලාකාරියකි. මවකි. අභිමානවත් ගැහැනියකි.
අපි බලා සිටිමු.....
 

Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


The Leader TV අද වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්