1200 x 80 DMirror

ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන මන්ත්‍රීවරුන් තිදෙනාද ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල

අද (20) දහවල් අසුන් ගත්හ.

ෆයිසල් කාසීම් සහ එම්.එස් තවුෆික් රාවුෆ් හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු වෙති.

ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමිනි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී මේ තිදෙනා ආණ්ඩුවට සහාය පළ කරමින් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය.

තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන බව ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය