ඊයේ (අප්‍රේල් 19 ) පොලිසිය විසින් රඹුක්කන දී විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තබා එක් තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින්

#save sri lankans නමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කල ඇත.

''රටම මලගමකි. සුදු කොඩි ඔසවමු '' තේමාවෙන් යුතුව එම සමාජ මාධ්‍ය මෙහෙයුම ආරම්භකර ඇත්තේ, 'planB'  සාමුහිකය විසිනි.

88/89 යුගයේ මෙන් මිනිස්සුන් කලහාකාරි නොවීමට මිනිස්සුන් පෙළඹවීම මෙහි අරමුණ බව 'planB'  සාමුහිකයේ මහීල් බණ්ඩාර පවසයි. 'planB'  සාමුහිකය මංගල සමරවීර සමග පසුගිය සමයේ 'සැබෑ දේශප්‍රේමීයෝ' මෙහෙයුමේ නිරතව සිටි තරුණ ක්‍රියාකාරීන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමකි.

IMG 20220420 WA0023

IMG 20220420 WA0022

IMG 20220420 WA0021

IMG 20220420 WA0020

IMG 20220420 WA0019

IMG 20220420 WA0018

රඹුක්කන විරෝධයට මුළ


රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් අප්‍රේල් 19 වනදා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පොලීසිය බලය යොදා විසුරුවා හැරීමේ සිද්ධිය අවසන් වුයේ නිරායුද විරෝධතාකරුවෙකුට දිවි අහිමි කරමිනි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අප්‍රේල් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය. රඹුක්කන ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට අප්‍රේල් 18 වැනිදා උදෑසන සිට පෝලිමේ සිටි ත්‍රිරෝද රථ ඇතුළු වාහන රියදුරන් ඉන්ධන අවසන් වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව ප්‍රදේශවාසීන් සඳහන් කළහ.

ඒ වන විටත් ඉන්ධන බවුසරයක් කොළොන්නාවේ සිට පැමිණෙන බව ජනතාවට දැන්වීම නිසා රථ වාහන රියදුරන් අඛන්ඩව පෝලිමේ රැඳී සිට ඇත.

එහෙත් රාත්‍රියේ පැමිණෙන බව දැන්වු ඉන්ධන බවුසරය මධ්‍යම රාත්‍රිය දක්වා නොපැමිණීම හේතුවෙන් ජනතාව නොසන්සුන් වී තිබේ. බවුසරය පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබු අතර පෝලිමේ සිටි ජනතාව පවසා ඇත්තේ බවුසරය මධ්‍යම රාත්‍රීය ඉක්මවා පැමිණියද පැරණි මිලට ඉන්ධන ලබා දෙන ලෙසයි.


එය ඉටු නොවූ නිසා ජනතාව දුම්රිය හරස් මාර්ගයේ බවුසරය නවතා විරෝධතාවේ නිරත වු බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

ඊයේ (අප්‍රේල් 19) උදෑසන වින විට තත්ත්වය තවත් තිව්‍ර වූ අතර විරෝධතාවට නන්දෙසින් ජනතාව පැමිණෙන්නට විය.

රේල් පිලි සහ සිල්පර කොට යොදා ඔවුන් දුම්රිය මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා මතුවිය.

නගරයේ කඩ සාප්පු හා වෙළෙඳ සැල් වසා දමා තිබු අතර විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ග ද අවහිර කර තිබුණි.

පොලීසිය පැවසුවේ, දුම්රිය මාර්ගය හරස්කර සිටි පිරිස විසුරුවා හැරීමට ඊයේ සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි. එහිදී විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

ඔහු කියා සිටියේ එහිදී පොලීසියට වෙඩි තැබීමට සිදුවු බවයි.

 

වෙඩි තැබීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගිය අතර තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඉන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

 

කළහාකාරී ලෙස හැසිරුණු පිරිස ත්‍රිරෝධ රථයකට ගිනි තබා, ඉන්ධන බවුසරයකට ද ගිනිතැබීමට තැත්කළ අවස්ථාවේදී බැටන් ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට තැත්කළ බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පවසා සිටියේය.

බවුසරය ගිනි ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද ඔවුන් වටකර පහර දීම නිසා එම නිලධාරීන්ගේ ජීවිත සහ බවුසර් රථය ගිනි ගැනීමෙන් සිදුවිය හැකි හානිය වැළැක්වීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදුවූ බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

මුල් අවස්ථාවේදී අහසට වෙඩි තැබීම මගින් කළහකාරී පිරිස පාලනය කිරීමට උත්සහ කළද ඔවුන් පාලනය නොවූ බැවින් දණහිසෙන් පහළට වෙඩිතැබීමට නියෝග කරමින් පිරිස විදුරුවා හැරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවද පොලිස්පතිවරයා පැවසීය.

පොලිස් නිලධාරීන් මෙහිදී බලය ඉක්මවා කටයුතු කර ඇද්ද යන්න සම්බන්ධව පොලිස් මූලස්ථානය මගින් විමර්ශනයක් කරන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු , ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක ඇතුලු මණ්ඩලයක් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ කළහකාරී ක්‍රියා වලින් වලකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

තෙල් මිල ඉහළ යාමට එරෙහිව 2012 පෙබරවාරි 16දා හලාවත වැල්ල ප්‍රදේශයේ ධීවරයෝ ගෙනගිය උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තැබීමෙන් ඇන්ටනි ප්‍රනාන්දු මරණයට පත්වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබීය.

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක අරගලයේදී ඝාතනය වූ රොෂේන් චානක මෙන්ම, වතුර ඉල්ලා විරෝධතාවයේ නිරත වූ රතුපස්වල ජනතාවට ද තුවක්කුවෙන් බලය පෙන්වා අත්වු ඉරණම මතකයට නැඟන මෙම ප්‍රහාරය පිළිබඳ මේවන විට දෙස් විදෙස් වශයෙන් දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.

මේ වන විට විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් මෙම රඹුක්කන සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇත.



(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්