1200 x 80 DMirror

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල තියුණු උල් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවදානය

යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අවධාරණය කර ඇත්තේ පොලිස්පති, පොලීසිය සහ සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයක දී ක්‍රියාකළ යුතු වන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

එමෙන්ම විරෝධතාකරුවන්ගේ සහ මහ ජනතාවගේ ආරක්ෂාව, සාමකාමී උද්ඝෝෂණ සිදුකිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරිමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම ද ඔවුන්ගේ වගකීමක් බව නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.

යම් කිසිහෙයකින් ප්‍රචණ්ඩකාරි වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත්කරදීමට තුඩුදිය හැකි බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ හේතුවෙන් රජය, පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු බලධාරීන්ගෙන් සෑම අවස්ථාවකදී ම සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඉල්ලා සිටියි.

 

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබු පාගමනට බාධා පැමිණ වීම සඳහා පොලිසිය විසින් මෙසේ කළු රෙදිවලින් වැසූ කටු සහිත මාර්ග බාධක යොදා ගෙන තිබු අතර එලෙස මාර්ග බාධක යොදා මාර්ග අවහිර කිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවට පත් තිබිණ.

Barricades fitted with spikes 696x522
baricades 1
baricades 2

Leader Whats app

 

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය