leader s

ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි

යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබා ගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ගේ බාල සහෝදරයා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළ ගේ නිවසට පැමිණ මෙසේ පහරදුන් බව ට පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ පැමිණිලි කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.

image 3315e5f0a6


''මට, මගේ පුතාගේ ජීවිතේ ගැන බයයි'' - වවුනියාවේ මවක්




ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ රජයේ රෝහල්හි ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් තොග අවසන් වෙමින් පවතින බව රට පුරා සිටින වෛද්‍යවරු පවසති.

විදෙස් සංචිත පහළ යාමත් සමග තවදුරටත් රටට අවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් රට තුල උද්ගතව ඇත.

අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කරන ලද වවුනියාවේ වෙසෙන අට හැවිරිදි දරුවෙකුගේ දෙමව්පියන් බීබීසිය වෙත කියා සිටියේ පවතින ඖෂධ හිඟය හමුවේ සිය පුතුගේ ජීවිතය පිළිබඳ තමන් බියට පත්ව සිටින බවය.

ඖෂධ හිඟය සහ අත්‍යවශ්‍ය සැපයුම් හිඟයට විසඳුම් සොයන අතරේ ඒ සඳහා අසල්වැසි ඉන්දියාවෙන් සහ ලොව සෙසු පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


(මුලාශ්‍ර - lankadeepa.lk / bbc.com/sinhala)

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්