බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එරට පාර්ලිමේන්තුව අසලදී මැයි පළවැනිදා විරෝධතාවයක් ආරම්භ කළහ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්වී රට නිවැරදි දිශාවට ගෙන යා හැකි නව පිරිසකට පාලනය භාර දිය යුතු බව ඔවූහු අවධාරණය කළහ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල විරෝධතාවය පැවැත්වෙන ස්ථානය ඔවුන් 'ගෝටා ගෝ ගම' ලෙස නම් කර ඇති අතර එය සති දෙකක් පවත්වාගෙන යෑමට නියමිතයි. මෙය ස්ථාපිත කර ඇත්තේ කොළඹ ගාළු මුවදොර විරෝධතාවට සහායක් ලෙසයි.
මෙම විරෝධතාව සඳහා ඊයේ දිනයේදී පමණක් බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් 5,000ක් පමණ සහභාගි වී ඇත.
රංගන ශිල්පී තුමිඳු දොඩම්තැන්න ද ඊට සහභාගි වී සිටීම විශේෂත්වයකි.
View the embedded image gallery online at:
http://theleader.lk/news/11433-gotagohome-2#sigProIdf2c47ccb3b
http://theleader.lk/news/11433-gotagohome-2#sigProIdf2c47ccb3b