1200 x 80 DMirror

දෙමල ජාතික සන්ධානය සමග තවදුරටත් දේශපාලනික ලෙස කටයුතු නොකල යුතු බවට අද (05) පැවැති

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දි අදහස්  පල වි තිබේ.

පාර්ලිමේන්තුවේ දී රාසාමානිකම් චානක්‍යන් මන්ත්‍රීවරයා අද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විචේචනය කිරීම මෙලෙස අදහස් පල කිරිමට හේතුවී ඇතැයි පැවසේ.

නියෝජ්‍ය කතානායක පත් කිරිමේ ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතරය පෙන්විමට තිබු අවස්ථාව TNA මන්ත්‍රී සුමන්තිරන් විසින් හිතාමතා අවුල් කළ බව රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම් දී සඳහන් කර ඇති බව ද වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයට පත් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් තිබු බව හිටපු අගමැතිවරයා එහිදී ⁣පෙන්වා දි ඇත. එ අනුව තමන් ගත් ස්ථාවරය අද දිනයේ වෙනස් නොකල බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවද හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී කියා ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය දැන් වෙනත් දෙමල පක්ෂ සමග සහයෝගීතාව ඇරඹීම කල යුතු බව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමජිකයන් සදහන් කර තිබේ.


මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද පැවසුයේ, මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇති බවයි.

අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

 

 


Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය