හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය පවසයි.


අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ පස්වරුවේ සිට පැවැති මහජන විරෝධතා අද අලුයම් කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක විය.

විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිඳදමා ඊට ඇතුළුවීමට උත්සහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

තත්ත්වය පාලනය කිරීමට යුධ, ගුවන් සහ නාවික හමුදා භට කණ්ඩායම් ද කැඳවා තිබු අතර විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදුකළේය.

 අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03 ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් බව එහි සිටි පිරිස් මාධ්‍ය වෙත පවසා තිබේ,

 තත්ත්වය පාලනය කිරීම සඳහා අවසන් වරට එම ස්ථානයට කැඳවා ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් බවට ද තොරතුරු වාර්තා වේ. හිටපු අගමැතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.

මේවනවිට අරලියගහ මන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.


රාජපක්ෂවරුන්ගේ මැදමුලන නිවසට සහ මවුපියන්ගේ ස්මාරකවලට ප්‍රහාරයක්

 

WhatsApp Image 2022 05 09 at 8.23.02 PM 1

 
WhatsApp Image 2022 05 09 at 8.23.00 PM 
මේ අතර දිවයින පුරා ඊයේ රාත්‍රී කාලයේදීත් ප්‍රචණ්ඩ කාරී ක්‍රියා රැසක් වාර්තා විය.

රාජපක්ෂ පවුලට අයත් වීරකැටිය, මැදමුලන වලවුවට, මවුපියන්ගේ ස්මාරකවලට සහ කෞතුකාගාරයට ඊයේ (මැයි 09) කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ප්‍රහාරයක් එල්ල කළහ.

පහරදී විනාශ කෙරුණු රාජපක්ෂවරුන්ගේ මවිපියන්ගේ ස්මාරක සහ කෞතුකාගාරය ගැන පසුගිය කාලය තුළ වැඩි සමාජ අවධානයක් යොමු වුයේ ඒවා මහජන මුදල් අවභාවිත කරමින් ඒවා ඉදිකර ඇති බවට චෝදනා එල්ලවීම නිසාවෙනි.




ඥාණා මෑණියන්ගේ නිවසටත් ගිනි තියල !


කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභලයන්ගේ නිවාස රැසකට හානිකර තිබේ.

ඒ අතරේ ජනාධිපතිවරයාගේ ජෝතිෂ්‍ය උපදේශිකාව වන අනුරාධපුර ඥාණා මෑණියන්ගේ නිවසට ද පිරිසක් ගිනිතබා ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂට සහය පලකිරීමට ඊයේ දහවල් අරලියගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවේ ආධාරකරුවන් අනතුරුව ගාලුමුවදොර අරගල භූමියට යවා එහි සාමකාමී විරෝධයේ නියැලුණු මිනිසුන්ට පහරදුන් අතර එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ 200කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම සිද්දියත් සමග ඊට මුළු රට පුරාම බරපතල විරෝධයක් මතු වූ අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණ පිරිස් දේශපාලනඥයින්ගේ නිවෙස්වලට ගිනි තැබීම් සිදුකලේ ඇඳිරි නිතිය පවා නොතකමිනි.

280334919 716284883059720 7054836819561059803 n

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්