leader s

විරෝධතාකරුවන් පිරිසක් මේවනවිට නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටිති.


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එම කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් එම පිරිස එම ස්ථානයේ රැඳි සිටිමින් සිය විරෝධය පළ කරති.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් වහා එලියට දමන ලෙස එම පිරිස නාවික හමුදා නිලධාරීන්ට බලකරමින් සිටිති.

ඊයේ දිනයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ අද (10) උදැසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර ගොස් නාවික හමුදා රැකවරණ යටතේ සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ දර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

 
''මහින්දගේ අම්මටයි තාත්තටයි ගල් ගහනවා මුං කරන වැරදි වලට.''



රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් අවභාවිත කර ඉදිකල බවට චෝදනා එල්ල වූ හම්භන්තොට, මැදමුලනේ පිහිටි ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට මෙන්ම රාජපක්ෂවරුන්ගේ මවුපියන්ගේ ස්මාරකවලට ද පිරිසක් පහරදී විනාශ කළහ.

එමෙන්ම ඔහුහූ මැදමුලන පිහිටි නිවසට හා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට ද පහර දී තිබේ.

මැයි 09 රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස වීරකැටිය, කාල්ටන් වත්තේ පිහිටි වාහනයකට ද ගිනි තබා ඇත.


Leader Whats app

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්