ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම කළ සාකච්ඡාවේදී නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසු යැයි

යෝජනා කළ නම් මේ වන තෙක් ජනාධිපතිවරයා වෙත ඉදිරිත් කර නැතැයි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම ඊයේ කොළඹදී රැස්වී තීරණය කරනු ලැබුවේ නිමල් සිරිපාලද සිල්වා, ඩලස් අලහප්පෙරුම සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් අගමැති ධුරය සඳහා යෝජනා කිරීමටයි.


'ගෝඨා ඉන්න ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ'- ෆීල්ඩ් මාර්ෂල්


මේ අතර 'සමගි ජන බලවේගයේ' ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ, වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බවයි.

තමා සාමකාමී අරගලය සමඟ  කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවත් ඔහු සඳහන් කළේය

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ජා කර තිබිණ.

 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්