ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පෙනීසිටි නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනා ආණ්ඩුවට සහයදීමට තීන්දුකර ඇති අතර ඒ

සම්බන්ධයෙන් හෙට (16) මාධ්‍ය හමුවක් කැඳවා ජනතාවට කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

එම කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශනයාපා හා සුසිල් ප්‍රේමජයන්ත අලුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය වගකීම් බාර ගැනීමට නියමිත බවද වාර්තාවේ.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුයේ, තම කණ්ඩායම නියෝජනය කරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් නමදෙනා (09) හා මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බාධා නොකිරීමට මුලික එකඟතාවයකට පැමිණි බවයි.


'' මේ වෙලාවේ අපි ආණ්ඩුවට බාධාකරන්න යන්නේ නැ. ජනතාව මුනදෙන ආර්ථික අර්බුදය ගැන අපට හොඳ අවබෝධයක් තියනවා. මේ මාසේ රජයේ සේවකයින්ගේ පඩි ගෙවගන්නවත් සල්ලි නැ. තෙල් ටික ගෙන්න, ගෑස් ගෙන්න, බෙහෙත් ගෙන්න ඩොලර් නැ. තව සතියකින් රටම ගිනි ගන්නවා. මේ අර්බුදේ යන්තන් හරි ගොඩදාන්න දැනට ඉන්නේ රනිල් කියන එක අපිත් පිලිගන්නවා. ව්‍යාපාරික ප්‍රජාවේ බහුතරයක් එක පිළිඅරගෙන තියනවා. ඒ නිසා අපි එතුමාට අවස්ථාවක් දීල බලන්න ඕන. ඒ නිසා අපි අපේ කණ්ඩායමේ කට්ටියට කිව්වා තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව තීන්දුවක් ගන්න කියල.'' එම ප්‍රකාශකයා සඳහන් කළේය.


තම කණ්ඩායමේ කිහිප දෙනෙකුම මේවනවිට අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී, අගමැතිවරයා රටේ ආර්ථික අර්බුදය ජයගැනීමට සිදුකරන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවත්, ඒ අනුව කිහිප දෙනෙකුම අමාත්‍යධුර වල වගකීම් බාර ගැනීමට එකඟත්වය පළකර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පොහොට්ටු පක්ෂයෙන් ඉවත්ව ස්වාධිනවූ  මන්ත්‍රීවරුන් 10 දෙනාද ජනාධිපතිවරයා විසින් ඊයේ කැඳවා තිබු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී සිටියේය.


සබ්රි මුදල් ඇමතිකම එපා කියයි


මේ අතර මෙතෙක් රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දැරූ කිහිප දෙනෙකුම අමාත්‍ය ධුර බාර නොගැනීමට තීන්දුකර තිබේ.

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි  ප්‍රකාශ කර ඇත. තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බව ඔහු සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ  (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද අලි සබ්රි මන්ත්‍රීවරයා මේ බව දැනුම් දී ඇත.

කෙසේවෙතත්, තමා ආණ්ඩුවට සහාය දෙන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.


විමල්ලාගේ තීන්දුව අද !


මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහය දෙන්නේ ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා විමල් විරවංශ නියෝජනය කරන පක්ෂ 10 සන්ධානය අද රාත්‍රී විශේෂ සාකච්ජාවක් කැඳවා ඇත.

එම සන්ධානයේ කිහිප දෙනෙකුට අලුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලීම් කර තිබේ.

 

අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, අදාළ තනතුර භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් රනිල් වික්‍රමසිංහට එම තනතුර ලබා දීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නොදක්වන බවයි.

 

තමන් රනිල් වික්‍රමසිංහට අකැමැති නමුත් මේ අවස්ථාවේදී කකුලෙන් ඇදීම් සිදුනොකරන බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු එම කාරණා සඳහන් කර සිටියේ, Mee Massoo TV අන්තර්ජාල නාළිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

අරලියගහ මන්දිරයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එහිදී අදහස් පලකරන ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මහින්ද රාජපක්ෂ වටා සිටින වඳුරන් වැනි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ඔහුට මෙම අභාග්‍යසම්පන්න ඉරණම අත්පත් කර දුන් බවයි.


 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්