ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය පාපන්දු ශූරතාවලියේ - Euro 2024 - අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය හෝ

ස්කොට්ලන්තය සමත් වුවහොත් එංගලන්තයේ අවන්හල් (බාර්) විවෘතව තිබීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබෙනවා.

යුරෝ කුසලානය සිය රට ගෙන ඒමේ අපේක්ෂාව පොදි බැඳ ගෙන සිටින ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ගෙන තිබෙන මේ තීරණයට අනුව පස්වරු 11.00 ට වැසීමට නියමිත බාර් අළුයම 1.00 දක්වා විවෘතව තබා ගැනීමට බාර් හිමියන්ට අවස්ථාව උදා වනවා.

තරග පැවැත්වෙන දිනවල මෙසේ පැය දෙකක වැඩිපුර කාලයක් විවෘතව තබා ගැනීමට බාර්වලට අවසර ලැබෙන්නේ එංගලන්තය හෝ ස්කොට්ලන්තය හෝ මේ කණ්ඩායම් දෙක ම හෝ යුරෝ තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසියහොත් හෝ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගතහොත් පමණකැයි එංගලන්ත රජය ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්තයේ බොහෝ අවන්හල් රාත්‍රී 11.00 වන විට වැසුනත් විශේෂිත ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවන්හිදී මේ නීිතිය ලිහිල් කිරීමට ඇමතිවරුන්ට හැකියාව තිබෙනවා.

James Cleverlyයුරෝ කුසලානය තම රට ට ගෙන එනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මිතුරන්, පවුලේ අය හා ප්‍රජාවන්ට වැඩි වේලාක් එකට එක්වී තරග නැරඹීමේ අවස්ථාව ලබා දීම පිණිස මේ පියවර ගත් බව එංගලන්ත ස්වදේශ ලේකම් James Cleverly ප්‍රකාශ කරනවා.

එංගලන්තය හා වේල්සයේ ස්ථානවලට මේ තීරණය බලපාන අතර ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ඔවුන්ගේ අවන්හල් සම්බන්ධයෙන් තීරණ ගත යුතුව තිබෙනවා.

පසුගිය වසර අවසානයේ කෙරුනු සාකච්ඡාවලින් පසුව මේ පියවර ගෙන ඇති අතර මෙමගින් වර්තමානයේ බලශක්ති මිල ගණන් වැඩි වීම හා ජීවන වියදම් අර්බුදයෙන් පීඩා විඳින එංගලන්තයේ ආගන්තුක සත්කාර කර්මාන්තය දිරිගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ජර්මනිය සත්කාරකත්වය දරණ Euro 2024 තරගාවලියේ අවසන් පූර්ව තරග ජූලි 9 වැනි අඟහරුවාදා සහ ජූලි 10 වැනි බදාදාත්, අවසාන තරගය ජූලි 14 වැනි ඉරිදාත් පැවැත්වීමටයි නියමිත.

කොවිඩ් වසංගතය නිසා ප්‍රමාද වී පැවති Euro 2020 තරගාවලියේ අවසාන තරගයේදී පෙනල්ටිවලින් ඉතාලිය ට පරාජය වීම හේතුවෙන් එංගලන්තය ට යුරෝපීය පාපන්දුවේ කීර්තිය ලබා ගැනීමට නොහැකි වුනා.

xdfgsdfg
එයින් තවත් එක් පියවරක් ඉදිරියට යාමට එංගලන්තය මෙවර සමත් වුවහොත්, එය 1966 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ඔවුන් දිනා ගන්නා පළමු ප්‍රධාන කුසලානය වනු ඇත.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්