ආණ්ඩුවේ හොඳ වැඩවලට සජබ සහයෝගය දෙන බවට සඳහන් ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යවා තිබෙන්නේ අදාළ ලිපිය සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමටත් පෙරදී බව

රැස්වීමේදීම හෙළිදරව් වී තිබේ.

‘සහයෝගය’ යන වචනය තේරුමක් නැති නිසා එම වචනය ඉවත් කරන්නැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන අතර පක්ෂ නායක සජිත් කියා තිබෙන්නේ ‘දැන් කරන්න දෙයක් නෑ.

 ලියුම යවලා ඉවරයි’ කියායි. ඒ වන විට අදාළ ලිපිය කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කර තිබී නැත. බදු වැඩි කරන්නේ ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්නයි. එහෙනම් බදු වැඩි කළොත් ඒකට සහයෝගය දෙන්නේ දැයි හර්ෂ ද සිල්වා විමසා ඇත. සහයෝගය දෙනවා කියන වචනය වැරැදි යැයි ඔහු නැවත වරක් පවසා ඇත.

මේ අතර හෙක්ටර් අප්පුහාමි පවසා තිබෙන්නේ ‘අගමැතිට යවන ලිපියෙන් සහයෝගය යන වචනය ඉවත් කරන ලෙසයි. සහයෝගය දෙනවා නම්, සති තුනකට කලින් අපි කළ යුතුව තිබුණේ. දැන් ආණ්ඩුව කරගෙන යන්න ඉලක්කම් හදාගෙන ඉවරයි. දැන් සහයෝගය දෙනවායි කියන එකේ තේරුමක් නෑ.’ යි අප්පුහාමි වැඩිදුරටත් පවසා තිබේ.

(mawbima.lk)

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්