බටහිර හිතවාදී නොවන කඳවුර නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ඉවත්කරගැනීම

කලෙක සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ උත්සාහය වී තිබුන බව පවසන රුසියාවේ හිටපු ජනාධිපති උදයාංග වීරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිවරයා ඉවත් කරනු ලැබුවේ ඒ අවශ්‍යතාව ඉටුකරදීම පිණිස බවට චෝදනා කරයි.

ඔහු පවසන පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ යනු එහිදී ජනාධිපතිවරයාගේ සහ බටහිර අවශ්‍යතා ඉටු කරන "ඉත්තෙක්" පමණි.

කෙසේ වුවත් උදයාංග පවසන්නේ, තමන් එහිදී බටහිර බළල් අතක් වූ බව ජනාධිපතිවරයා පවා නොදැන සිටියා විය හැකි බවය.

'Sandeshaya by Saroj' නාලිකාව සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කරන උදයාංග වීරතුංග, රාජපක්ෂ සොහොයුරන්ගේ ඥාති සොහොයුරෙකි.

පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්, "මා සොයා සුදු වෑන් ආවොත් ඒක ලොක්කගේ උපදෙසක් විය හැකි," බව ඔහු පවසා තිබුන අතර, මාධ්‍යවේදී සරෝජ් පතිරණ ඒ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ උදයාංග වීරතුංග සඳහන් කළේ සොහොයුරන් පමණක් නොව, පිය පුතුන් පවා බලය සඳහා සටන් කළ අවස්ථා පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකා ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයාගත හැකි බවය.

බලයට පත්වූ අවස්ථාවේ පටන්ම දූෂිතයින් බව පවසමින්, "මහින්ද රාජපක්ෂ කඳවුරට" එරෙහි ක්‍රියා කලාපයක් අනුගමනය කළ බවට සිය ඥාති සොහොයුරු ජනාධිපතිවරයාට චෝදනා කරන උදයාංග පවසන පරිදි ගෝඨාභය රාජපක්ෂට මෙවැනි ඉරණමක් අත්වූයේ ඔහුගේ "උද්ධච්ඡකම" හේතුවෙනි.



මැයි 09 වෙනි දින ගෝටා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරයෙන් අනතුරුව කලහකාරීන් විසින් ගිනි තබන ලද මැදමුලනේ සිය මහ ගෙදර තත්වය විමසීමට පවා එහි නොගිය බවට ගෝඨාභය රාජපක්ෂට චෝදනා කරන උදයාංග වීරතුංග, ජනාධිපතිවරයා සාමාන්‍ය සමාජ ආශ්‍රයට ද එතරම් ලැදියාවක් දක්වන්නෙක් නොවන බවත් කියා සිටියේය.


 ''ගෝඨා අයියා බංකරෙන් එලියට එන්න ඕන''

ක්‍රෝධයෙන් පෙළෙමින් තමන් සහ මහින්ද රාජපක්ෂ ඇතුළු "මහින්ද කඳවුරෙන්" කෙතරම් පලිගත්තත්, ඔහුගේ නිල කාලය අවසාන වනතුරු තමන් ජනපතිවරයා ආරක්ෂා කරන බව පවසන රුසියාවේ හිටපු තානාපතිවරයා, එහිදී "මිලිටරි ඇඳුම ගලවල තියල, බංකර් අස්සේ ඉන්නේ නැතුව ගෝඨාට ජනතාවට සේවය කරන්න එන කාලයක් ළඟදීම එනවා," යනුවෙන් ද සඳහන් කළේය.  

සිය ඥාති සොහොයුරු උදයාංග වීරතුංග එල්ල කරන චෝදනා ගැන ජනපතිවරයාගේ ප්‍රතිචාරය විමසීමට 'Sandeshaya by Saroj' නාලිකාව දැරූ උත්සාහය අසාර්ථක වුවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය දැනගැනීමට තවදුරටත් උත්සහ කරන බවත් නාලිකාව පවසයි.

 

 

 

 


 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්