යුද පීඩිත දෙමළ ජනයා දහතුන්වැනි මුල්ලිවයික්කාල් අනුස්මරණය පවත්වා දින දෙකක්

ගතවීමටත් මත්තෙන් හමුදා කදවුරක් පුළුල් කිරීම සදහා දෙමළ මහවිරු සුසාන භුමියක් අත්පත්කරගන්නට යුද හමුදාව දැරු උත්සාහය පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.

උතුරේ වාර්තාකරුවන් පවසන්නේ මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදහසකගේ පමණ සිරුරු භුමදානය කර තිබෙන අක්කර බාගයකට මදක් වැඩි ඉඩමක් ඩෝසර් කර ඉදිකර තිබෙන 15 වැනි ගජබා රෙජිමේන්තුවේ කදවුරක් පුළුල් කිරීම සදහා මැයි 20 වැනි සිකුරාදා අත්පත්කරගන්නට දැරූ උත්සාහය කොඩිකාමම් ප්‍රදේශවාසීන් සමග එක්වු දෙමළ ජනතා නියෝජිතයන් විසින් වලක්වා ගත්බවයි.

භුමිය මැන වෙන් කිරීම සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිනීමත්  සමග එතනට රැස්වු ප්‍රදේශයේ ජනයා ඒ සම්බන්ධයෙන්  දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට දැනුම් දී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන්ගේ විරෝධය හමුවේ ඉඩම මැනීම අතහැර දමන්නට මිනින්දෝරු නිලධාරීන්ට සිදුවු බවයි.

සුසාන භුමියක් අත්පත්කරගනිමින් හමුදා කදවුර පුළුල් කිරීම වහාම නතර කර මේ වන විටත් පවතින යුද හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලෙස ප්‍රදේශවාසීහු බලකර සිටිති.

උතුරේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම්  නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයන් රැසක්ම පසුගිය වසරේ උතුරෙන් වාර්තා වී තිබුනි.

 

 

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්