21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

විජයදාස රාජපක්ෂ විසින් අද (23)  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ලබන 27 වැනි සිකුරාදා තෙක් අමාත්‍ය මණ්ඩලයට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ. ඉන් අනතුරුව  ලබන 30 වැනි සඳුදා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වෙනි සංශෝධනය පිළිබඳ කමිටුව ඊයේ (23)පස්වරුවේ රැස්වී කළ සාකච්ඡාවෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කී අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලයේ දී කෙටුම්පත සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ට එය ලබාදී  සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නැවත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද සඳහන් කළේය.

ඒ අනුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසිඑක් වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනු ඇති බවත් ලබන සිකුරාදා රැස්වී ඔවුන්ගේ අදහස් ලබා ගන්නට බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට පසුව ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන  සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර පළමුවෙන්ම ගැසට් නිවේදනය පළ කොට ඊට පසුව වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහාය ඇතිව සංශෝධනය සම්මත කරගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
 

 

''ඊනියා 21 පිළිකුලෙන් හෙළා දකිනවා'' -විපක්ෂ නායක

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ දී අද(23) පැවසුයේ, නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට, ඊනියා සටකපට විසි එකක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවයි.  

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් දහනව වන සංශෝධනය වඩා ශක්තිමත් ලෙස ගෙන එමින් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීම ආණ්ඩුව නොවළහා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ නොමැතිව රැවටිලිකාර සටකපට විසි එක් වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන බවත් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

ආණ්ඩුව සිදුකරන ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු වහා නවතා දමා ජනතා අභිමතය මත කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්