ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.


ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බව ඔහු පවසයි.

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම සන්ධානයේ නායකත්වයට ඩලස් අලහප්පෙරුම පත්කිරීමට නියමිතබව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.



පක්ෂ දහයේ එකතුව මැතිවරණයට වෙනම




මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

”අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.



සිය කණ්ඩායම, සමගි ජන බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වන බව වාසුදේව නානායක්කාර පවසයි.



විධායක බලතල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට තම කණ්ඩායම විශ්වාස කරන නිසා මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වන විට පක්ෂ 11ක් ලෙස ඉවත් වූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම කණ්ඩායමෙන් ඉවත් වූ නිසා එම එකතුවේ දැන් සිටින්නේ පක්ෂ 10කි.

(උපුටා ගැනීම් - anidda.lk)

 

ඩලස්ගේ නායකත්වයෙන් අලුත් පෙරමුණක්! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්