ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කොළඹ ගෝල්ෆේස් පිටියේ කඳවුරු බැඳ ගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන සාමකාමී අරගලය මැයි මස

28 වන අද දිනට දින 50ක් සම්පූර්ණ කරයි.

මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසට එය සැලකිය හැකි බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරිය පවසයි.

මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් අද වන විට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී ඇතැයි ද හිටපු කතානායකවරයා කියා සිටියි. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටින බව පවසන කරු ජයසුරිය, ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතු බවද කියා සිටියි.

ඔවුන් හා අත්වැල් බැඳගනිමින් තම ගෞරවය මේ අවස්ථාවේදී සනිටුහන් කරන බව  'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසයි.

නිවහල්, නිදහස් හා සාමකාමි රටක් උදෙසා මේ රටේ යුක්ති ගරුක ජනතාව තුළ ඇති අපේක්ෂාවන් මෙකී අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව විසින් තව තවත් උද්දීපනය කරමින් සිටීම අතිශයින්ම අගය කළ යුතු බවද හිටපු කතානායකවරයා කියා සිටියි.

එමෙන්ම අරගලකරුවන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතු බව පවසන කරු ජයසුරිය, ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබෙන බවද අවධාරණය කර සිටියි.

දින 50ක් පුරා අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදෙන එකී සෑම පාර්ශ්වයකටම තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බවත් ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන සියලු ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා නොපමාවම හැකියාව ලැබේවායැයි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන බවත් හිටපු කතානායකවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.


WhatsApp Image 2022 05 28 at 6.33.38 AM

 

 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 

 

 

 


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්