The Leader News
BREAKING
Top Ad
පුවත්

ගෝටාගෝගමේ නෑසෙන උතුරේ හඬ අසන්නට සමිති හා බහුජන නායකයෝ උතුරේ

T

The Leader Desk

May 31, 2022 • 3:16 PM

ගෝටාගෝගමේ නෑසෙන උතුරේ හඬ අසන්නට සමිති හා බහුජන නායකයෝ උතුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරේ දෙමළ ජනයාගේ ඉල්ලීම්ද ඇතුලත් කරගන්නා බවට කොළඹින් යාපනයට ගිය දකුණේ නායකයන් පිරිසක් පොරොන්දු වී තිබේ.
  • කොළඹින් උතුරට ගිය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ නායකයන් සහ උතුරේ වෘත්තිය සමිති නායකයන් මැයි 29 වැනි ඉරිදා යාපනය විශ්වවිද්‍යාල සේවක සංගම් කාර්යාලයේදී මුණගැසී රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබුනි.
  • ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් ගාලු මුවදොර දියත් වන අඛණ්ඩ අරගලයට උතුරේ ජනයාගේ සහයෝගය නොලැබීමට හේතු සාකච්ඡා කිරීම මුලික කරගනිමින් මෙම සාකච්ඡාව පැවැති බවයි.
  • දශක ගණනාවක් තිස්සේ තමන් පීඩා විදින ගැටළු සම්බන්ධයෙන් ගාලු මුවදොර අරගලයේදී ප්‍රමාණවත් පරිදි හඩක් නොමැති වීම එයට හේතුව බව උතුරේ නියෝජිතයන් කොළඹින් ගිය නියෝජිතයන්ට දැනුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

උතුරේ දෙමළ ජනයාගේ ඉල්ලීම්ද ඇතුලත් කරගන්නා බවට කොළඹින් යාපනයට ගිය දකුණේ නායකයන් පිරිසක් පොරොන්දු වී තිබේ.

කොළඹින් උතුරට ගිය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ නායකයන් සහ උතුරේ වෘත්තිය සමිති නායකයන් මැයි 29 වැනි ඉරිදා යාපනය විශ්වවිද්‍යාල සේවක සංගම් කාර්යාලයේදී  මුණගැසී රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබුනි.

යාපනය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් සහ විදුලි සංදේශ සියලු සේවක සංගමය, මොන්ලාර් සංවිධාන, ප්‍රොටෙක්ට් සංගමය, සම අයිතිය ව්‍යාපාරය, රජයේ කළමණාකාර සේවා නිලධාරීන්ගේ සංගමය, ධීවර සහයෝගිතා ව්‍යාපාරය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, විදුලි අධිකාරී නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 20 ට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටි බවයි යාපනයේ වාර්තාකරුවන් පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් ගාලු මුවදොර දියත් වන අඛණ්ඩ අරගලයට උතුරේ ජනයාගේ සහයෝගය නොලැබීමට හේතු සාකච්ඡා කිරීම මුලික කරගනිමින් මෙම  සාකච්ඡාව පැවැති බවයි.


දශක ගණනාවක් තිස්සේ තමන් පීඩා විදින ගැටළු සම්බන්ධයෙන් ගාලු මුවදොර අරගලයේදී ප්‍රමාණවත් පරිදි හඩක් නොමැති වීම එයට හේතුව බව උතුරේ නියෝජිතයන් කොළඹින් ගිය නියෝජිතයන්ට දැනුම් දී ඇත.



දෙමළ ජනතාවගේ ප්‍රශ්න සදහා දේශපාලන විසදුමක් ලබා දීම, ආරක්ෂක  හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කළ වුන්ට අත් වු ඉරණම හෙළිකිරීම සහ හමුදාකරණයට එරෙහිව  ගාලු මුවදොර හඩ අවදි  විය යුතු බව උතුරේ වෘත්තිය සමිති නායකයන් එහිදී දකුනේ වෘත්තිය සමිති නායකයන්ට පෙන්වා දී තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා ඇත්තේ උතුරේ වෘත්තිය සමිති නායකයන් ඉදිරිපත් කළ සටන් පාඨ සම්බන්ධයෙන් දකුණේ අරගලකරුවන් සමග වැඩි දුරටත් සාකච්ඡා කර එම ඉල්ලීම් ගාලු මුවදොර අරගලයට එකතු කර ගැනිමට තමන් ඇතුළු පිරිස උතුරේ වෘත්තිය සමිතිනායකයන්ට පොරොන්දු වු බවයි.

ජාතික ගැටළුව සහ ස්වයං නීර්ණය අයිතිය පිලිබඳව දකුණේ සංවාදය පුළුල් කළ යුතු බවටත් උතුරේ වෘත්තිය සමිති නායකයන් එහිදී  යෝජනා කර තිබේ.

000 1

000 2

000 3

සබැඳි පුවත් :

ජනවාර්ගික ප්‍රස්නය මඟහැර අලුත් ලංකාවක් බිහිකල නොහැක - (රංජිත් හේනායක ආරච්චි)

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ? - විෂ්ණු වාසු

බඩු මිළ අඩු උනත් 'දෙමළ ජනතා සටන නිම වන්නේ නෑ'

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

දේශපාලන අර්බුදය විසඳීමට දෙමළ පක්ෂ 06කින් යෝජනා

 

 
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15
 
 
 
 

 


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...