ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධින වූ පක්ෂ එකමුතුව විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන 17ක් හා

එකතු කිරීම් 7ක් සහිත යෝජනාවලියක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඉකුත් පළමු වන දා (ජුනි 01) බාර දී ඇත.

එකී යෝජනාවලියේ පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ද එදිනම යවන ලද බව ස්වාධීන පක්ෂ එකමුතුවේ සාමාජික, පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධනයක් සිදු කළොත් එකී සංශෝධනවල ව්‍යවස්ථානුකූලත්වය එකී පනතට කතානායක විසින් අස්සන් තබා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑ ම පුරවැසියෙකුට අවස්ථාව තිබිය යුතු බවටත්, ඕනෑ ම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකාණ්ඩුව අස්සන් කරන ද්විපාර්ශ්වීය ගිවිසුම් සහ බහුපාර්ශ්වීය ගිවිසුම් අස්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවටත් වන වගන්ති එම පනත් කෙටුම්පතට එකතු කරන ලෙස එමගින් යෝජනා කර ඇත.

රාජ්‍ය ආයතනයක ව්‍යුහය වෙනස් කිරීමේදී ඒ පිළිබඳ සංයුක්ත සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගත යුතු බවටත්, වරාය, ගුවන්තොටුපොළ වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සඳහා ආයෝජන ලබා ගැනීමේදී මෙන් ම හවුල් ව්‍යාපාර ඇරැඹීමේදී ද ඒවාට අදාළ ගිවිසුම් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කිරීමට හැකි වන අයුරින් එහි විෂය පථය පුළුල් කළයුතු වන අතර එකී ගිවිසුම් පූර්ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටත් යෝජනා කොට තිබේ.

අගමැතිවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයකු විය යුතු යැයි ද, ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යංශය පමණක් බව ද පොලිස් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා විසින් ගත් තීන්දුවක පදනම ඕනෑ ම ඇමැතිවරයෙකු විසින් ලිඛිතව විමසා සිටියොත් ඊට පිළිතුරු සති දෙකක් ඇතුළත ලිඛිතව දැනුම් දීමට අදාළ කොමිෂන් සභාවේ සභාපති බැඳී සිටින බවට ද වන වගන්ති එකතු කරන ලෙස ද යෝජනා කර ඇත.

මෙම යෝජනාවලියට අතුරලියේ රතන හිමි (විජයධරණී ජාතික සභාව), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), ගෙවිඳු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය), මහාචාර්ය තිස්ස විතාරණ (ලංකා සම සමාජ පක්ෂය), ඒ.එල්. එම්. අතාවුල්ලා (ජාතික කොංග්‍රසය) සහ අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය) යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ ද අස්සන් තබා ඇත.

285641375 555778962583597 6703844783522356753 n285621278 555779015916925 8598656315630410134 n285524440 555778919250268 4304217116231742629 n

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්