මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව කෙරෙන නඩු විභාගවල දී සාක්ෂිකරුවෙක් ලෙස පෙනී
සිටි තවත් පුද්ගලයෙක් අද (05) සවස තංගල්ලේ දී ඝාතනයට ලක් වී ඇත.
තංගල්ල, මොටකැටිආර ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේය.
කැබ් රථයක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ලවන මොහොතේ වාහනයේ තිදෙනෙකු ගමන් කරමින් සිට ඇත. එහිදී තුන්දෙනාටම වෙඩි වැදී ඇති අතර එක් පුද්ගලයෙක් මියගොස් ඇත.
ඒ අනුව පසුගිය පැය 72 ඇතුළත වෙඩිතැබීමේ සිද්ධි 4ක් වාර්තා වූ අතර ඉන් සිව් දෙදෙනෙක් මියගොස් තිබේ. සිකුරාදා අළුත්ගම සහ පානදුර ප්‍රදේශවල වෙඩිතැබීම් වාර්තා වූ අතර ඊයේ අහංගම දී පුද්ගලයෙක් ව ඝාතනය කෙරිණි. පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට අනුමාන කරන බවය.
ඇමති ටිරාන්, IGP ගෙන් වාර්තාවක් ඉල්ලයි
මේවනවිට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ජන අරගල හා පෝලිම් මුරකරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහසේ තම කටයුතු සිදුකරමින් සිටින බවත්, පාතාල කල්ලි යළි ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබලා වහාම තමාවෙත වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයාට නියෝගකර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
https://theleader.lk/news/11944-2022-06-05-17-29-12#sigProIda04a38dc6d