leader s

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ නිල කාලය මෙම මස (ජූනි මස) 30දා හමාරවෙයි.
ඉන් පසුව නව මහ බැංකු අධිපතිවරයකු හෝ වත්මන් අධිපතිවරයාම නැවත පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීමට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයා විසින් ලබාගත යුතුව ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස සුදුසු නමක් නිර්දේශ කළ යුතුය.


සාමාන්‍යයෙන් මහ බැංකුවට පත්කෙරෙන අධිපතිවරයකුගේ නිල කාලය වසර හයකි. වත්මන් අධිපති ආචාර්ය වීරසිංහ මේ ගත කරන්නේ 2016 වසරේ මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිල කාලයේ අවසන් මාසයයි.


සිය නිල කාලය සම්පූර්ණ නොකර ආචාර්ය කුමාරස්වාමි 2016 සිට 2020 දක්වා එම තනතුර දරා ඉල්ලා අස්වූ අතර ඉන්පසු වසර දෙකක් පමණ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති විය.

අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් කෙටි කලක් අධිපතිවරයා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු ආචාර්ය නන්දලාල් වීරසිංහ එම තනතුරට පත් කෙරිණි.

ඒ සමඟම 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලය හමාරවෙයි. නව අධිපතිවරයකු හෝ මෙම අධිපතිවරයාම නැවත පත්කිරීමට සිදුවන්නේ එම තත්ත්වය නිසාය.

(deshaya.lk)
 
{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්