අපේ රට ආර්තික අර්බුදයක පතුලට ගමන් කරමින් ඉන්නවා කියන එක දැන් පොත්වල ඉලක්කම් විදිහට නෙමෙයි හැමෝටම ඇඟට දැනෙන ප්‍රශ්නයක්.



මේ ආර්තික අර්බුදය විසින් ඇති කරන්න නියමිත සමාජ අර්බුදය ගැන අපිට තාම හිතාගන්නවත් බෑ. ඒක ඒ තරම් පැතිරුණු එකක් වේවි.

ඒ හින්දම අපිට සිද්ද වෙනවා අපි අනුමාන කරන දිශානතිවලින් උද්ගත වෙන්න නියමිත හානිය අවම කරගන්න වැඩ කරන්න. මේ අතර ප්‍රධාන එකක් තමයි දරු උපත් කියන එක.

මේ වෙද්දි ළමා පැනඩෝල් එකක්වත් හොයාගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා. ළදරු කිරිපිටි අර්බුදයත් ඒ වගේමයි. ඉදිරියේදි ආහාර වේල් දෙකකට අඩු කරන්න වෙයි කියල අගමැතිවරයා අනතුරු අගවනවා. ගෙවල්වල මොනවා හරි වගා කරගෙන ආහාර හිගයට මුහුණ දෙන්න කියල රජය ආයාචනා කරනවා.

මේ සියල්ලෙහි ප්‍රතිඵලය වෙන්නෙ ලොකු පෝෂණ ඌනතාවයකට රට ගමන් කිරීමයි. අපේ ළමා පරපුර මන්ද පෝෂණයට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. පෝෂණය අඩුවෙත්ම සිතීමේ ‍ඉගෙනීමේ වගේම ශාරීරික හැකියාවනුත් දුර්වල වෙනවා. මේක රටේ අනාගත මානව සම්පතට දරුණු විදිහට බලපානවා.

අනිත් පැත්තෙන් ලෙඩක් දුකක් හැදුනම දරුවෙකුට බෙහෙත් ටිකක් දෙන්න හැකියාවක් නැති එක. ඒ වගේම ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍යය පිළිබඳ උද්ගත වෙන අර්බුදය. මේක දැඩි වුනොත් ළමා සහ මාතෘ මරණවලට නරක බලපෑමක් ඇති කරන්න පුළුවන්.

මේ වගේ කාලෙක අනපේක්ෂිත ගැබ් ගැනීමක් සිද්ද වුනොත් කෙනෙක් මුහුණ දෙන අවුල සුළුපටු එකක් නෙමෙයි. ගබ්සාව ලංකාවෙ කොහොමත් නීතිගත නෑ. වෙනත් මාර්ගයකින් හෝ තමන්ට අවශ්‍ය නොවන දරු උපත වළක්වා ගැනීමේ  හැකියාවත් (මුදල් සහ ඖෂධ හිගය) මේ තත්වය හමුවේ දුෂ්කර එකක් වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නෙ සැලසුමකින් තොර අනවශ්‍ය දරු උපත් රටේ වැඩි වීමයි. ඒක ආර්තිකයෙන් අසීරු තත්වයට වැටිලා ඉන්න පවුල්වලට කබලෙන් ලිපට වැටුනා වගේ  වෙනවා. මේ නිසාම පවුල් ඇතුලෙ අර්බුද සහ ප්‍රචණ්ඩත්වයන් ඉහළ යනවා.



අනාරක්ෂිත හැසිරීම් එපා !- HIV ටෙස්ට් කිට් හිඟයි

මේ වෙද්දි HIV පරීක්ෂාවන් සඳහා තිබෙන පරීක්ෂණ කට්ටල අවසන් වෙමින් පවතින බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය පවසනවා. ඒ නිසා අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලින් වැළකෙන ලෙසයි ඇය උපදෙස් දෙන්නෙ.

 කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මොකටද HIV පරීක්ෂාවන් කියල. නමුත් රටේ හැම ගර්භනී මවක්ම මේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ උපදින දරුවාගේත් මවගේත් නිරෝගී බව සහතික කරන්නයි.

මේ පරීක්ෂාව නොකර එය දෙවන කාර්තුව දක්වා කල් දමන්නැයි ඇය විසින් වෛද්‍ය නිලධාරීන්ට දැනටමත් දන්වලා තියෙනවා. මේ ආකාරයෙන් දන්නෙම නැතුව ලිංගික රෝග පැතිරීමේ අවදානමකුත් මේ තත්වය නිසා ඇතිවෙන්න පුළුවන්.

awrer34

තව පැත්තකින් කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රමවේදයන් සපයා ගැනීමේදීත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. තමන්ගේ ආර්තික අර්බුදය හමුවේ කොන්ඩමයක් පැළඳීම කියන එක පළමුවෙන්ම කැපී යන්න ඉඩතියෙන වියදමක්. ඒ වගේම කාන්තාවන්ගේ උපත් පාලන පෙති පවා මිළ වැඩිවීමක්, ලබාගැනීම අපහසු වීමක් සිද්ද වෙන්න පුළුවන්.

මේ කාරණා ලිංගික රෝග ව්‍යාප්තියටත්, අනපේක්ෂිත ගැබ් ගැනීම් වැඩි වීමටත් හේතු වෙනවා. මෙයාකාරයෙන් ලිංගික සහ ප්‍රජනක ජීවිතය සම්බන්ධ විෂම චක්‍රයක් ආර්තික අර්බුදයට සමගාමීව නිර්මාණය වෙමින් තියෙනවා.

කාන්තාවන්‍‍ගේ සනීපාරක්ෂක තුවා සපයා ගැනීමත් මේ දවස්වල පවුලකට දැඩි ප්‍රශ්නයක්. මීට ටික කාලෙකට කලින් සජිත් ප්‍රේමදාස  කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දිය යුතු යැයි කියද්දි ලංකාවෙ නළු නිළියො වේදිකා උඩ කිව්වෙ මේවා ගැන කතා කිරීම පවා කාන්තාවන්ට කරන ලැජ්ජාවක් කියලයි.


නමුත් රටේ විශාල කාන්තා ප්‍රජාවකට මුහුණ දීමට සිදුවන මේ ප්‍රශ්නයට යම් ආකාර විසඳුමක් හෝ දැනුවත් කිරීමක් සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් සිදු වෙන්න ඕන.

අඩුම තරමෙ නැවත නැවත භාවිතා කළ හැකි ‍’මෙන්ස්ට්රැවල් කප් වැනි විකල්පයක්’ ප්‍රචලිත කිරීමක්  ගැනවත් සිතා බලන්න ඕන. (මේවා වුනත් දැනට බෙදා හැරිය හැකි ප්‍රමාණයක් පවතිනවද කියල මං දන්නෙ නෑ)


රූපවාහිනී දැන්වීම් පෙළට වෙච්ච දේ ?

kskdf

මේ අතරෙ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය විසින් ලිංගික අධ්‍යාපනයේ සහ සැලසුමක් ඇතිව දරුවන් බිහිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රූපවාහිනී දැන්වීම් පෙලක් නිර්මාණය කළා. මේ වෙනුවෙන් යම් පමණකින් හෝ දායක වෙන්න ඉඩක් මටත් ලැබුනා.

මැදගොඩ අබේතිස්ස වැනි භික්ෂුන් විසින් දරුවන්ගෙන් උදුරා ගත් ලිංගික අධ්‍යාපනයේ වැදගත්කමත්, දරුවෙක් යනු හොඳින් සිතා බලා ගත යුතු තීරණයක් වගත් මේ දැන්වීම් මගින් ප්‍රකාශ කෙරුණා. විශේෂයෙන්ම මේ දැන්වීම් ඉලක්ක කරගෙන තිබුනේ පවතින අර්බුදකාරී වාතාවරණය වීම වැදගත්.

උපත් පාලනය කියන කතාව ඇහුනු ගමන් ලංකාවෙ හාමුදුරුවරු එන්නෙ සිවුරු කරට අරගෙන. ජාතිය වඳකරන්න යනවා කියල ලොකු සද්දයක් දාගෙන. ඒ ජාතිය නිරෝගී, බුද්ධිමත් ජාතියක් වෙනවද කියන ප්‍රශ්නය ඒ අයට නෑ. ‍

වඳ සැත්කම් කළා කියමින් දොස්තර ශාෆිටත්, රටේ ප්‍රජනක විද්‍යාව පිළිබඳ දැනුමටත් ඉතාම මෑතක ආචාර්ය මහාචාර්යවරුන් පවා එක්ව කළ හානිය කිසි කෙනෙකුට අමතක වෙන්න බෑ. ඒ ව‍ගේම වඳ කොත්තු, වඳ බ්‍රා ගැන කතා වපුරමින් ජාතිවාදී ගිනි අවුළවන්න පටන් ගත්තා.



මේ වෙද්දි බල බිඳී තිබුනත් තාමත් උපත් සැලසුම් කිරීම ගැන කතිකාවක් සමාජයේ ඇති කිරීම සමගම මේ අවිද්‍යාත්මක, අන්තගාමී පිරිස් නැවතත් තමන්ගේ අඩුපඩු විහිදුවන්න පටන්ගැනීම අනිවාර්යයක්. එහි ප්‍රතිඵලයක් ලෙස පෙරකී දැනුවත් කිරීමේ වැඩසටහනටත් තහංචි පැනවී ඇති බව ආරංචියි.




ඉතාම අවශ්‍ය කාලයක, ඉතාම අවශ්‍ය දැනුමක් පවා බාධා කරමින් මේ අන්තගාමීත්වය විසින් කරන්නේ ජනතාවත් රටත් තවත් අර්බුදයට යවන එකයි. ඒ නිසාම ලිංගික සහ ප්‍රජනක විෂයෙහි අපි මුහුණ දෙන්නට යන අර්බුදය ගැන වඩාත් විවෘතව, ජනතාවට කරුණු සන්නිවේදනය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සිද්ද වෙනවා. ඒක රටේ වර්තමානය සහ අනාගතය කියන දෙකටම දැඩිව බලපාන කාරණයක් වෙනවා.

මේ දේවල්වලට බලපෑම් එල්ල වෙන්නෙ ඇත්තටම දේශපාලකයන්ගෙන් නෙමෙයි. ආගමික නායකයන්ගෙන් වගේම පරණ රජයේ නිලධාරීන්ගෙනුයි. ඒ අයගෙ අතපෙවීමේ හැකියාව මත සියල්ල ලේසියෙන්ම නිහඩ වී යනවා. හතේ අපේ පොතට සිද්ද වුනා වගේම.

අර්බුදයෙන් ගැලවීමට කරන අරගලයේ නොසලකා හැරෙන එක් තේමාවක් තමයි මේක. ආගමික සහ ගතානුගතික පිරිස්වලට රටේ දේශපාලන, අධ්‍යාපන ආදී කේෂ්ත්‍රයන්ට කළ හැකි බලපෑම අවම කිරීම. ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීම. ඉදිරියේදී අප මුහුණ දෙන්න නියමිත දරු උපත් පිළිබඳ ප්‍රශ්නය යම් පමණකින් හෝ මගහරවා ගැනීමට දායක වීම.

නමුත් අරගලය හුදු ගෝටා එළවීම මතම යැපෙනවා මිස සමාජය මුහුණ දෙන්නට යන සැබෑ අර්බුදවලින් ගැලවීමට විසඳුම් යෝජනා කරන බවක් පේන්න නෑ. ගෝටා නොයනවා නම් අපිට වැළලීම මිස අන් මගක් නොමැති බව තමයි අරගලයේ හඩ වෙලා තියෙන්නෙ. ඇත්තටම අරගලයේ දිශාව විය යුත්තේ අර්බුදය හමුවේ ජනතාව ගලවාගැනීමේ ප්‍රවේශයන් නිර්මාණය කිරීමයි. ඒවා ක්‍රියාත්මක කිරීමට රජයට බලකිරීමයි. ඒවා වළක්වන ප්‍රතිගාමී බලවේගයන් මැඩලීමයි.


නමුත් අවාසනාවට ගතානුගතික සමාජයට මෙන්ම බොහොමයක් අරගලකාමීන්ටත් සෙක්ස් කියන්නෙ කතා නොකළ යුතු මාතෘකාවක්.  

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)


සබැඳි පුවත් :

අනාරක්ෂිත හැසිරීම් එපා !- HIV ටෙස්ට් කිට් හිඟයි

අර්බුද කාලෙ පරිස්සම වඩා වැදගත් (වීඩියෝ)


 
 

 

 

 

{gallery}radicalcenter2022531{/gallery}
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්