leader s

මුලතිව් ඉන්ධන පිරවුම් හලක් අසල ඇතිවූ ගැටුමකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව

පොලිසිය කියයි.

සිවිල් වැසියන් යුද හමුදාව දෙසට බෝතල් වලින් දමා ගසා ඇති බවත්, ඒ අවස්ථාවේ යුද හමුදාව පිරිස විසුරුවා හැරීමට අහසට වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය ඇසින් දුටුවෙක් ජංගම දුරකතනයකින් කළ රූ ගත කිරීමකට අනුව මුලතිවු දිස්ත්‍රික්කයේ විසුවමඩු ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක ඇතිවූ නොසන්සුන්තාවක් මැඩලීම සඳහා රජයේ හමුදා සෙබළු ගල් ප්‍රහාර එල්ල කරමින් මුගුරු අතැතිව ඔබ මොබ දිවයනු දැකගත හැකි අතර පසුබිමේ වෙඩි හඬවල්ද ඇසේ.

JDS විසින් නිකුත්කළ ට්විටර් පණිවිඩයක එබව සඳහන් වේ.

vish

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය  නිවේදනයක් නිකුත්කර ඇති පොලිසිය, මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ආරක්‍ෂක මුරපොළක සේවයේ නියුතුව සිටි යුද්ධ හමුදා භටපිරිස් කුපිත කරවීමේ අරමුණින් බීමත්ව සිටි පිරිසක් විසින් සැලසුම් සහගතව ඊයේ (18) සෙනසුරාදා දින රාත්‍රි 08.00 ට පමණ එම යුද්ධ හමුදා භටපිරිස් වෙත වීදුරු බෝතල් සහ ගල් ප්‍රහාරයන් එල්ලකර ඇති බවත්,  යුද්ධ හමුදා භටපිරිස් විසින් ඔවුන් වෙත අනතුරු අඟවමින් අහසට වෙඩි ප්‍රහාරයන් කිහිපයක් තබා කලහකාරී පිරිසෙහි උත්සහයන් ව්‍යාර්ථ කරනු ලැබූ බවත් කියා සිටියි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් මෙන්ම අතිරේක භටපිරිස් එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එම සිදුවීමෙන් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිදුවීම ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය සහ සහයෝගීතාවය අවශ්‍යයෙන්ම කඩාකප්පල් කිරීමේ අරමුණ පෙරදැරිව යම් සැකකටයුතු පිරිසක් විසින් සිදුකරනු ලැබූ උත්සහයක් බව මූලික විමර්ශනවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

යුද්ධ හමුදා භටපිරිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා විශ්වමඩු පොලිසිය වෙත භාර දී ඇත.


 
 

Leader Whats app

  

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil