කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු පොලිසිය විසින්

අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලයට සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර තිබූ අතර එම අවහිර කළ පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබුණි.

තත්වය පාලනයට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබේ.


අරගලකරුවන් ගෙන් බාධයි  


ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවය නිසා මුදල් අමාත්‍යංශයේ දොරටුව අවහිර කර තිබීම හේතුවෙන් අයි.එම්.එෆ් නියෝජිතයින් සමහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගී වීමට තිබූ සාකච්ඡාවට පවා බාධා එල්ල වී තිබු බව පොලීසිය නිවේදනය කර ඇත.
 


 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්