leader s


ඉන්ධන පොලිම්වල දින ගණනාවක් එක දිගට සිටින ජනතාව දිනෙන් දින ඉහලයමින් සිටින අවස්ථාවක ඔවුන් නිරන්තරයෙන් පොලීසිය හා හමුදාව සමග ගැටුම් ඇති කරගැනීමේ පෙළඹිමක් දක්නට ඇති

බව මෙරට ප්‍රකට වෘත්තීය සමිති නායකයකු පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව පවසන්නේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් ය.

ජනතාව සහ පොලීසිය අතර ගැටුම ආණ්ඩුවේ විසින් තමන්ගේ වාසියට ගෙන ජනතාව නීතිය කඩකරන බවට චෝදනා කරමින් ඔවුන් මර්ධන කිරීමට උත්සහායක් දකින්නට තිබෙන බවත් ඔහු පවසයි.

පොලීසිය හෝ හමුදාව විසින් එම ගැටුම් වලක්වා ගැනීම සඳහා ගිනිඅවි පාවිච්චි කිරීමෙන් පසු ඇති වන තත්ත්වයෙන් පසු පොලීසියේ හෝ හමුදාවේ ජීවිත හානියක් වීමට ඉඩහැර ජනතාව මර්ධනය කිරීමට පහසුම ක්‍රමය එය බව ආණ්ඩුව හොඳින් දන්නා කාරණයක් බැවින් මෙම තත්ත්වයෙන් වැළකි සිටින ලෙස මහජනතාවගේ කාරුණිකව ඉල්ලා සිටින බව රවි කුමුදේශ් තවදුරටත් කියා සිටියි.

''ගැටුම් වර්ධනය කර ගිනි අවි පෙන්නලා මිනිස්සුන්ට තර්ජනය කරන්න පොලිස්සියට කිසිම අයිතියක් නෑ. මේ අර්බුදය හැදුවේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු නෙවේ. ඒ නිසා ඔය ගිනි අවි මේ අර්බුදය හදපු මිනිස්සුන්ගේ දිහාවට එල්ල කරන ලෙසත්, පොලිස් නිල ඇදුම අතුලේ ඉන්නෙත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු, ඔවුන් විදින පීඩාව ඇතුලේ, සංයමය තව කොච්චර කල් දරාගෙන ඉන්න පුළුවං වෙයිද කියන්න අමාරුයි.'' ඔහු වැඩිදුරටත් පවසා සිටීයි.

තවද මහජනතාවගේ අත්‍යාවශ්‍ය වුවමනාවන් කළමණාකරණය සදහා ආණ්ඩුවට වැඩපිලිවෙලක් නොමැති තත්වයක් යටතේ පොලිස් නිළධාරීන්ට ආණ්ඩුවේ කාර්‍යභාරය සිදු කිරීමට කිසිසේත්ම නොහැකි තත්වයක් යටතේ මෙවන් ගැටලු දුරදිග යෑමට පවතින ඉඩ කඩ ඉතා වැඩි බවද ඔහු පෙන්වාදෙයි.

එවන් ගැටුමක් හරහා යම් ව්‍යසනකාරී තත්වයක් රටතුල ඇති වුවහොත්, මෙම තත්වය පාලනය කිරීමට පියවර නොගනිමින් සිටින පොලිස් ප්‍රධානීන් සහ රජය බාර ගතයුතු බවද ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

 

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්