leader s

විදෙස් මුදල්වලට පමණක් ඉන්ධන ලබා දීමට ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වෙන් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස විසින් විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර වෙත
යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරයා මෙසේද කියයි.

''රට පුරා බොහෝ අය ලඟ යම් යම් ප්‍රමාණයෙන් විදෙස් මුදල් තිබෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලිලා හිටපු මඟ පෙන්වන්නාගේ සිට ඩොලර් හෝ කුමන වර්ගයේ හරි පොඩි ප්‍රමාණයකින් විදෙස් මුදලක් තිබෙනවා.

මේ සැඟවී තිබෙන විදෙස් මුදල් ප්‍රමාණය එළියට ගන්න මම යෝජනාවක් කරනවා. සෑම දිස්ත්‍රික්කයකම එක ඉන්ධනහලක් වෙන් කරනවා විදෙස් මුදල්වලට පමණක් ඉන්ධන ලබා දීමට. (පෙට්‍රල්, ඩීසල්).

අපි එහෙම තීරණයක් ගත්තොත් සැඟව ඇති ඩොලර් ප්‍රමාණයක් ඉන්ධන අවශ්‍යතාවත් එක්ක එළියට එනවා. මගේ මේ යෝජනාව ගැන සිතා බලන්න.''

(kubiyonews.com)
 
 
 

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්