ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය

නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ “සැමට හිමි බිමක්” වැඩසටහන කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (24) ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා එබව කීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මෙහෙයවනු ලබයි.

වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති සියලු පුද්ගලයන් හට ඉඩම්  අයිතිය ලබාදීමේ පළමු පියවර "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බවයි.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලදී ද අද සිදු කෙරිණි.

හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද සහභාගී විය.

000 Land 1

000 Land 2

000 Land 3

 

 
 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්