ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'හින්දු' පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

 රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් එය ජනතාවට තීරණය කිරීමට ඉඩ දිය යුතු බව බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.

test17බලය විමධ්‍යගතකිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බවද බැසිල් රාපක්ෂ එම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.

 ඉන්දියානු බලපෑම !

එළඹෙන ජනාධිපතිවරණයට විදෙස් පාර්ශ්වයකින් බලපෑම් එල්ල නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිවරණය පිළිබඳ නැගුනු ප්‍රශ්නවලදී බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබේ.

 2015 දී ආණ්ඩු වෙනසක් කිරීමට කිසිවකුට හෝ අවශ්‍යතාවක් මතු වූයේ නම් එම අඩුපාඩු මොනවාදැයි මේ වන විට මැනවින් අවබෝධ කරගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේවුවද, 2015 දී තම ආණ්ඩුව වෙනස් කිරීමට ඉන්දියාව හෝ වෙනත් රටක් විපක්ෂයට සහාය පළ කළ බවට පෞද්ගලිකව තමා සතුව සාක්ෂි නොමැති බව 'හින්දු' පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ මිතුරා සහ අසල්වැසියා ලෙස, ආරක්ෂක සහ දේශපාලනික කාරණාවලදී ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් එලෙසම ආර්ථිකමය කටයුතු වලදී චීනය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමද අවශ්‍ය බවත් ඔහු පවසා ඇත.

2015 න් පසු ජනාධිපතිවරයාගේ බලතල අඩු වීමකට ලක් ව තිබීම පිළිබඳ මාධ්‍යවේදිනිය විමසා සිටි අවස්ථාවේ බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ එවන් තත්ත්වයක් යටතේ වුවද අගමැතිවරයා  ලෙස ආණ්ඩුවේ ප්‍රධානත්වය වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ලැබෙන බැවින් එහි ගැටලුවක් මතු නොවන බවයි.

වීඩියෝ

test18

 

 බැසිල් රාජපක්ෂ එසේ දෙමල ඡන්ද දායකයින් දිනාගැනීමට එසේ යම් පමණක හෝ උත්සහයක් දරද්දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ මෙහෙයවීම මත පවත්වාගෙන යන Lanka Lead News වෙබ් අඩවිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ජනාධිපති අපේක්ෂක ගෝඨාබය හමුවීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් උපහාසයට ලක්කරමින් පුවත් පළකර ඇත.

 ''උතුරු – නැගෙනහිරට විසදුම් සොයන්න ආ සුමන්තිරන්ට මහින්ද – ගෝඨා සුසංයෝගයෙන් කන පැලෙන උත්තරයක්'' සිරස්තලයෙන් යුතුව පළකර ඇති එම පුවත මගින් අවධාරණය කර ඇත්තේ, සුමන්තිරන් මන්ත්‍රීවරයා එම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර අර්බුදයට ගෝඨාබය රාජපක්‍ෂ ලබා දෙන විසඳුම් පිළිබඳව විමසූ විට මේ සාකච්ඡාවට සහභාගි වී සිටි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට වඩා ඉතා විශාල ලෙස බලපාන ප්‍රශ්න දකුණේ ජනතාවට ඇති බව පවසා ඇති බවයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ අතර කොළඹදී පැවැති එම සාකච්ඡාව ඵල රහිත බව ද එම පුවතේ සඳහන් වේ.

සාකච්ඡව අවසානයේදී ගෝඨාබය හා මහින්ද යන දෙදෙනාම පවසා ඇත්තේ ඔවුන්ගේ ඉදිරි රජය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට අපේක්‍ෂා කරන බවයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්