ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ප්‍රවීන සාහිත්‍යවේදී කිවිපති අජන්ත සෙනෙවිරත්න

පත්කර තිබේ. ඔහු වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවෙකි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් මූලික ඉංජිනේරු උපාධියත්, ජ'පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අජන්ත, ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදියකු සහ නිර්මාණකරුවෙකු ලෙස ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ ඉමහත් කීර්තියට පත් පුද්ගලයෙකි.

පුවත්පත් ලේඛනය ඔස්සේ සාහිත්‍යකරණයට එළැඹි ඔහු නවකතා නවයක්, කෙටිකතා තුනක්, කාව්‍ය සංග්‍රහ දෙකක් බෞද්ධ විමර්ශන ග්‍රන්ථයක්, අලෙවිකරණ කෘතියක් ඇතුලුව මේවනවිට කෘති දහනවයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කොට ඇත. ලෝක ප්‍රසිද්ධ Who Moved My Cheese කෘතිය "දිවි මග දිනන මග" නමින් සිංහලයට පරිවර්තනය කළේද ඔහු විසිනි.

එහෙන්ම, රූපවාහිනී ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දෙන නිර්මාණවේදියෙකු ලෙස ප්‍රකට අජන්ත සෙනවිරත්න,  ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, ශ්‍රිලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය තුළ ඉමහත් පෙරළියක් කරමින් චරණ ටීවී නාලිකාව බිහි වූයේද අජන්තගේ අදහසක් සහ මග පෙන්වීම යටතේය. 

 
 සබැඳි සටහනක් :
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්