වහාම ලිට්රෝ සමාගමේ බලධාරීන් කැඳවා මහ ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්නැයි

කෝප් සාමාජික එස්.එම්. මරික්කාර් විසින් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

කෝප් සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවමින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.

se545


මරික්කාර් මන්ත්‍රීවරයා ගෑස් මිලදී ගැනීම් සම්බන්ධයෙන් එසේ ප්‍රශ්න කරද්දී, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක්  ලබාගැනීමට අද  ගිවිසුම් අත්සන් කරනු ලැබිය.

 මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

 මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වනු ඇත.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත. මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

 ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.


සබැඳි පුවත් :

'කෘත්‍රිම ගෑස් අර්බූදයක් හදලා හතර වරම් ගැහිල්ලක් ගහලා' -මරික්කාර්

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්