මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.



එහි සභාපති මුදිත පීරිස් 'නෙත් නිවුස් 'වෙත සඳහන් කළේ ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.



ගෑස් නෞකා සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ මේනවිටත් ගෙවා අවසන් කර ඇති බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගැටළුවකින් තොරව ගෑස් තොග ආනයනය කිරීමට හැකියාව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



පළමු නෞකාව 06 වැනිදා දිවයිනට


ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බව එම සමාගම කියා සිටියි.

මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්