බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


බස්නාහිර පළාතට අයත් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, සහ නුගේගොඩ කොට්ඨාශය ,ගල්කිස්ස, කැළණිව කොට්ඨාශය, මීගමුව කොටඨාසය යන පොලිස් කොට්ඨාසවලට ඊයේ රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.


WhatsApp Image 2022 07 09 at 8.06.36 AM

අද (ජූලි 09) පැවැත්වෙන දැවැන්ත මහජන විරෝධතාව වළක්වාලීම සඳහා පනවන ලද මෙම ඇඳිරි නීතිය සම්බන්ධනේ ඊයේ රාක්‍රියේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ නීති ප්‍රජාවගෙන් සහ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් විශාල විරෝධයක් එල්ල වූ අතර මෙය මෙරට කිසිදු අණ පනතකින් ආවරණය නොවන්නක් බවට ප්‍රකාශ විය.

ඒ අනුව මෙම ඇඳිරි නීතිය භාවිත කරමින් යමකු ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමට සූදානම් වුහොත් ඊට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ට එරෙහිව පෞද්ගලිකව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීම කෙරෙහිද  යේ රාත්‍රියේ අවධානයට ලක්විය.

Suren 2022


තවත් බියගුළු ක්‍රියාවක් - විපක්ෂනායක



පොලිස්පතිවරයා විසින් ඊයේ රාත්‍රී පැනවූ පොලිස් ඇඳිරිනීතියසම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ද දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

පොලිස් ඇඳිරි නීතිය, සිහිමූර්ඡා වූ ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණක් බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබිණ.

මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව යම් පමණක හෝ දැනුමක් ඇති කිසිවෙකුට පිළිගත හැකි තීරණයක් නොවේ ද යයි ඔහු පවසයි.


 

WhatsApp Image 2022 07 09 at 8.24.31 AM

ජවිපෙ නායකයා LIVE එයි




ආණ්ඩුවකට පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඒ රටේ ජනතාව ආරක්ෂා කිරීම බවත් එය කිරිමට අසමත් වී සිටින ගෝඨාභය, රනිල් පාලනය මහජන උද්ඝෝෂණ හමුදාව සහ පොලීසිය යොදවා මර්දනය කිරීමට පනවා තිබෙන අනීතික නීති ජනතාව පිළිගත යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ රාත්‍රී අවධාරණය කළේය.

පොලිස්පතිවරයා විසින් ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාෂයක් කරමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක ඊයේ (08) රාත්‍රී 09.15ට මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් පලවා හැරීමට සාධාරණ අයිතියක් ජනතාවට තිබෙන බවය. රටක හමුදාව සහ පොලීසිය සිටින්නේ ජනතාවගේ ආරක්ෂාවට බවත් පාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවන අනීතික නීති, ජනතාව පිළිගතයුතු නැති බවත් මෙම විශේෂ ප්‍රකාශය කරමින් අවධාරණය කරනු ලැබීය.





අන්තරේ තරුණයෝ ඇඳිරි නීතිය මැද අරගල බිමේ රැය පහන් කරති



රජය විසින් පොලිස් ඇඳිරි නීතියක් ප්‍රකාශ කළ ද අද අරගලයට ජීවය දීමට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එය නොතකා ජනාධිපති මන්දිරය ඉදිරිපිට ඊයේ රාත්‍රීයේද විරෝධතාවයේ දී සිටියේය.  

ඊයේ සවස තුනට පමණ කැලණිය විශ්ව විද්‍යාල භූමියෙන් පා ගමනින් පැමිණි මෙම සරසවි සිසු පිරිසට ලංකාවේ සෑම සරසවියකම ශිෂ්‍ය නියෝජනයක් එක් වී සිටියේය.

ඔවුන්ට ඊයේ සවස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල වූයේය. ඒ බැංකු මාවත අසල දමා තිබූ මාර්ග බාධකය පෙරළන්නට ගිය අවස්ථාවේ දීය.



122dea6b486ff7fff57aa5e36b984762 750x536                           අන්තරේ තරුණයෝ අරගල බිමේ රැය පහන් කරමින්



මේ අතර ආරක්ෂක ලේකම්  මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සිදුකරනු ලබන මහජන විරෝධතාවයන්ට මුවාවී ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවය.

සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය පොලිසිය සහ හමුදාවන්ට ලබා දී ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා කීවේය.

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්