ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසුව ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්දිරය අරගලකරුවන් අතට පත්ව තිබියදී ජනාධිපති කාර්යාල

ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදන නිකුත්කරන්නේ කව්රුන්දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරමින් සිටිති.

ගෑස් රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් ඊයේ (10) නිකුත්ව තිබු අතර ජනාධිපතිවරයා ලබාදෙන පණිවුඩ කථානායකවරයා මගින් පමණක් නිකුත් කෙරේ යනුවෙන් ජනාධිපති කාර්යාලයේ ලිපි ශිර්ෂ යටතේ වූ නිවේදනයක් අද (11) දිනයේ නිකුත්කර තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පණිවිඩ මින් ඉදිරියට කතානායකවරයා මාර්ගයෙන් නිකුත් කෙරෙන බව බව ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂය යටතේ වූ එම ලිපියේ සඳහන් වේ. එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින්  නිකුත් කෙරෙන නිල නිවේදන ලෙස සළකන ලෙසද  එම  නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

PHOTO 2022 07 11 15 36 40

ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂය යටතේ මෙම නිවේදනය නිකුත්කර තිබුනේ අගමැති මාධ්‍ය ඒකකයෙන් අද පෙරවරුවේ නිකුත්කර තිබු නිවේදනයකින් පසුවය. කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබිණ.


වංචනික නිවේදනයක්  ද ?

ජනාධිපති කාර්යාලයේ ලිපි ශිර්ෂ යටතේ මාධ්‍ය වෙත නිකුත්වන නිවේදන සම්බන්ධව සැකසංකා මතුව ඇති අතර විවිධ පරස්පර අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

පාලන ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි විශ්‍රාමික ඇතැම් රාජ්‍ය නිලධාරීන් සිය ෆේස්බුක් සටහන් ඔස්සේ පවසන්නේ, මේ වනවිට ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලය සක්‍රීය සේවයේ නොයෙදෙන අතර මෙය ජනාධිපති කාර්යාලය ලිපි ශීර්ෂ අවභාවිතා කරමින් මාධ්‍ය වෙත මුදාහැර ඇති වංචනික නිවේදනයක් බවයි.

මේ වනවිට ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අතට පත්ව ඇති බැවින් මෙය ඔවුනගේ ක්‍රියාවක් විය හැකි බවට ද ඇතැමුන් චෝදනා කරයි. කෙසේ වුවද එකී චෝදනාව පිලිගත නොහැකි බවත්, අරගලකරුවන් රාජපක්ෂවාදීන් මෙන් වංචනික ක්‍රියාවන්ට අනුබල දෙන්නන් නොව ඒවාට එරෙහිව නැගී සිටිය වුන් බව ඇතැමුන් පවසති.

''එසේනම් මේ පිටුපස සිටින්නේ කවරෙක්ද? ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ මෙලෙස ඉන් පිටතට රැගෙන ගොස් ඇත්තේ කවරෙක්ද? අරගලය තවමත් අවසන් නැත. '' සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.

GR 2022.07.111

තවමත් අරගලකරුවන් අත්කරගෙන සිටින ජනාධිපති කාර්යාලය සහ ජනපති මැදුර

 

ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම අගමැතිවරයාට දැනුම්දී ඇත්දැයි අද (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු කළ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු දෙමින් සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

''අගමැතිතුමාට දැනුම් දුන්නා කියල අගමැතිතුමානේ කියන්නේ. මටනම් අගමැතිතුමා කියන එක විශ්වාස කරන්න බෑ. එතුමා ගැන මට සත පහකට විස්වාසයක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම එතුමා පාර්ලිමේන්තුවට හෝ අග්‍ර විනිශ්චයකාරතුමා ට දැනුම් දිය යුතුයි. මා දන්නා තරමට එතුමා කතානායකවරයාට වාචිකව දැනුම් දීලා තියෙනවා. දැන් මේක ලිඛිතව එන්න ඕන. ''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්