නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඉදිරිපත්වීමට නියමිත සජබ

නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඔහුගේ ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ නම ප්‍රකාශයට පත්කිරීමට කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන අතර ඔහුට හිතවත් කණ්ඩායම් කිහිපයක් ම අරගල භුමියේ සක්‍රිය වැඩකොටසක් සිදුකරමින් සිටියි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට නාමයෝජනා බාර දෙන්නේ නම් අගමැති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නම් කලයුතු බවට මිට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබිණ.

එහෙත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


ජනපති තනතුරට තුන් කොන් සටනක් ?


ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි lankadeepa.lk වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇතැයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය ජූලි 20 වැනිදා පැවැත්වේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ මොහොත වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැත.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්