සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත්, ඔබගේ අවි දුෂිත දේශපාලකයින්ට එරෙහි ඔසවන ලෙසත් සජබ

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ත්‍රීවිධ හමුදාවන්ට නියෝගකර සිටියි.

වැඩබලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස ද ඔහු ආරක්ෂා හමුදාවන් ගෙන් ඉල්ලා සිටියි.

ඔහු එම ඉල්ලීම කර ඇත්තේ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි,

'' අනීතිකව ජනාධිපතිදූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හදුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිලිපැදීමෙන් වලකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කල බවට මේවන විට ජනතාව තුල රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුද සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතල අවධානමක් මතුවෙමින් පවතී.

කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වලකින ලෙසත් ඔබගේ අවි දූශිත දේශපාලකයොන්ට එරෙහි ඔසවන ලෙසත් මම යලි යලිත් අවධාරණය කරමි.

මේ මොහොතේ මමත් අරගල භූමියේ රැදී සිටින අතර ජනතාව සමග ඉදිරිපෙල සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.''

 

Sarath FB20222

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්