පක්ෂ නායකයන්ගේ ඉල්ලීමට මුලින් එකඟවූ ආකාරයට නව ජනාධිපතිවරයෙක්

ව්‍යවස්ථානුකූලව පත් කරගැනීමත්, රට තුල යලි නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් කඩිනමින් නොකොලොත් ආර්ථිකය යලි ගොඩනැගීම දිගු සිහිනයක් පමනක් වනු ඇතැයි හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ට්විටර් නිවේදනයක් පළකරමිනි.

drt45


අද (ජුලි 13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ දිනය යි. ඉල්ලා අස්වීම කෙසේ වෙතත් ජනපතිවරයා මේ වන විට රටින් පිටවගොස් තිබේ.

මේ මොහොත වන විට ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනී සේවය සිය විකාශන කටයුතු අත්හිටුවා ඇති අතර, මෙය අරගලකරුවන් රුපවාහිනී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවීම හේතුවෙන් එම ආයතනයේ ඉංජිනේරුවන් විසින් සිදුකෙරුණක් බව ප්‍රකාශ වේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් කොළඹ මල්පාරේ විරෝධතාවයේ නිරත පිරිස් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුලු වී එය තම බාරයට ගෙන ඇත.

පරිශ්‍රයේ ගේට්ටුවෙන් පිටත සන්නද්ධ භටයින් සමග පැය ගණනක් ගැටීමෙන් පසු බොහෝදෙනෙක් ජයග්‍රහණයේ ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් කාර්යයාලයේ බැල්කනිවලට නැගී සිටිති. 


මේ වන විට තත්ත්වය සැකෙවින්:

# ජනපතිවරයා අලුයමට පෙර ගුවන් හමුදා ජෙට් යානාවකින් අසල්වැසි මාලදිවයින් කරා පළාගිය අතර මේ වන තෙක් ඔහුගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත.

# දශක කිහිපයකින් දිවයින මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ නැගී ආ මහජන විරෝධතා හමුවේ තමා ජුලි 13 දා ඉල්ලා අස්වනබවට ඔහු ප්‍රතිඥා දී තිබුණි.

# අගනුවර සහ වෙනත් ප්‍රදේශවල විරෝධතා උත්සන්නවීමත් සමග වැඩ බලන ජනපතිවරයා ජාතික හදිසි තත්ත්වයක් සහ බස්නාහිර පළාතට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළේ ය.

# ජනපතිධුරයේ රාජකාරී ආවරණය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත්කළ බවට තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ ය.

# බොහෝ විරෝධතාකරුවන් රනිල් වික්‍රමසිංහ ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් නොසතුටු ය - විරෝධතාවන්හි දී නායකයින් දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස බලකරනු ලැබිණ.

# විශාල අරගලකරුවන් සංඛ්‍යාවක් අගමැති කාර්යයාලය ඉදිරියේ රැස්ව සිටියි. මේ වන විට ඔවුන් කාර්යයාලයේ ගේට්ටු බිඳදමා ඇති අතර යුද හමුදා සෙබළුන් රැසක් අරගලකරුවන් එහි ඇතුළුවීමෙන් වළකාගෙන සිටිය ද මේ වන විට අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගෙන ඇත.

# හමුදාව විරෝධතාකරුවන්ට වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ප්‍රදේශයම කඳුළු ගෑස් ධූමයෙන් වැසීගොස් තිබේ.

# රටින් බැහැරව සිටින ගෝඨාභය රාජපක්ෂ තමා අමතා, සෙනසුරාදා පොරොන්දුවූ පරිදිම අද දිනයේ දී (ජුලි 13) ඉල්ලා අස්වනබවට පැවසූබව ද, ඒ සම්බන්ධ නිල ලිපිය අද නිකුත් කිරීමට කටයුතු කරනබව ද කථානායකවරයා නිවේදනය කළේ ය.

# වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමට නොහැකිබව පවසයි. ෆැසිස්ට් දේශපාලන මතවාද රට තුළ පැතිරීමට ඉඩ හැරිය නොහැකියැ යි ප්‍රකාශ කළ ඔහු රටේ සාමාන්‍ය තත්ත්වය ඇතිකිරීම සඳහා හමුදාවට සියලු බලතල ලබාදී ඇතිබව ද, හමුදා ප්‍රධානීන්ගේ සහ පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොර කමිටුවක් පත්කර ඇතිබව ද කියා සිටියි

( උපුටා ගැනීම් -  BBC සිංහල සේවය)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්