leader s

තම පාර්ලිමේන්තු කණ්ඩායමේ සගයෙක් වූ ඩලස් අලහප්පෙරුම, සමගි ජන බලවේගය සමග එක්ව වැරදි ගමනක් යාමට උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප

පැස්කුවල් පවසයි.

ඩලස් අලහප්පෙරුම තනිව ඉදිරිපත්වන්නේ නම් ඔහුට සහය පලකිරීමට එකඟව සිටි බව කියන අනූප පැස්කුවල් මන්ත්‍රීවරයා අද (19) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කැඳවා, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර ඇතිව තිබෙන සම්මුතිය පිළිබද විරෝධය පළකර සිටියේය.

මේ හේතුවෙන් රටේ පවතින ප්‍රශ්න තවත් වැඩි වනු ඇතැයි ඔහු පැවසීය.



සජිත් අගමැති කිරීමට විරුද්ධ නැහැ - චන්න ජයසුමන



මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රීක්  පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ, සම්මුතිවාදී සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට වඩාත් උත්සාහයක් දරන්නේ සජිත් ප්‍රේමදාස පාර්ෂවය නම්, ඩලස් අලහප්පෙරුම ජනාධිපති වූ ආණ්ඩුවක සජිත් ප්‍රේමදාස අග්‍රමාත්‍යවරයා වූවාට තමන් කිසිදු විරුද්ධතාවක් නැති බවයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් ඉදිරි මාස 18 තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට අදාළව තමන් සතු සැලසුම් ද අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටි බව ද මන්ත්‍රීවරයා මෙහි දී ඔහු ප්‍රකාශ කළේය.

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්