ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (20) පෙරවරුවේ පැවැත්වේ.


 එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයටද නවමු අත්දැකීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 38 වැනි ව්‍යාවස්ථාවේ (1) වැනි අනු ව්‍යාවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධූරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 40 වැනි ව්‍යාවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධූරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරීමට පාර්ලිමේන්තුව මගින් යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර ගත යුතු වේ.  

මෙම තෝරාපත් කරගැනීම සිදු කල යුතු වන්නේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන  ප්‍රකාරවයි. මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමි වේ.

ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරන අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුයි.

මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමිය යුතු වේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් තමන් ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි  “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුයි. මෙහිදී අපේක්ෂකයින් තුන්දෙනෙකු යෝජනාවී ඇති බැවින් මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවති. ඒ අනුව අනෙක් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ  2,3 ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකියි.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තේරී පත්වේ.

 දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති නම් සටහන් කර ඇති දෙවන හා තෙවන මනාප පරික්ෂා කිරීම සිදු වනු ඇති. එහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයා ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කළ යුතුයි.

එම ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි.

අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමකින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බව 1981 අංක 02 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ දක්වා ඇත.



මැති සබයට ජංගම දුරකතන තහනම්


ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසීය.

ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෝ තිදෙනෙක් තරග වදිති. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයන් තිදෙනාය.

අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනෙන ඡන්ද විමසීම පැවැත්වෙන අද (20) දින සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සිය ජංගම දුරකතන පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එසේම පාර්ලිමේන්තු සභාගර්භයේ සේවය කරන සේවකයන් සියලු දෙනා අද(20) දින එම පරිශ්‍රයට පැමිණීමට පෙර පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමටද තීරණය කර ඇත.

ජනාධිපති තෝරන ඡන්දයේ රහස්‍ය භාවය තහවුරු කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

 මේ අතර පාර්ලිමේන්තුවේ සහ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද වේත්‍රධාරිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ අමතර භට කණ්ඩායම් ගණනාවක් කැඳවීමටද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ඡන්ද විමසීම සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට සිය පදිංචි ප්‍රදේශයට ආසන්න යුද හමුදා කදවුරෙන් ඉන්ධන ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්