ජනතා විරෝධය නිසා රටින් පළා ගිය, යුද අපරාධකරුවකු වන හිටපු ජනාධිපතිවරයාට කිසිදු රටක රැකවරණ  ලබා නොදෙන ලෙස බලහත්කාරයෙන්

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබේ.

''ලංකාවෙන් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට කිසිම රටක් සරණාගත තත්ත්වය ලබා දී ඔහුට ජීවත් වීමට ඉඩ ලබා දිය යුතු නැහැ. අවසන් යුද සමයේදී අපි අපේ ඥාතීන් බාර දුන්නේ එයාට.ඒ අයට මොකද වුනේ කියලා එදා ඉඳන් ඇහුවත් අදටත් උත්තර නැහැ,'' යැයි අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි තම්බිරාසා සෙල්වරානි පවසන්නීය.

නැගෙනහිර මාධ්‍යවේදීන්ව අම්පාරේදී ඉකුත් සතිඅන්තයේදී හමුවූ සෙල්වරානි සඳහන් කළේ තම ඥාතින් අතුරුදහන් කළ රාජපක්‍ෂ පවුල ද අතුරුදහන් වී ඇති බවයි.

ස්වකීය ඥාතීන් අතුරුදහන් කළ රාජපක්ෂ පවුලේ  කිසිවකුට සහයෝගය ලබා නොදෙන ලෙස ද ඇය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නීය.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් කළවුන්ගේ සංගමයේ ක්‍රියාකාරිනියක වූ  කේ. අලකේශ්වරී කියා සිටියේ සියයට 50 ක් සතුටින් සිටින ඔවුන් ඉතිරි සියයට 50 ගෙවා දමන්නේ කනස්සල්ලෙන් බවයි.

''අපේ නෑයන්ට මොකද වුනේ කියලා අපි අවුරුදු 13 ක් තිස්සේ කරපු අරගලයෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඉස්සර වගේ අපිට තවදුරටත් සටන් කරන්න බැහැ. දැන් අපි වයසයි,වෙහෙසයි.''


ආයෙත් එයිද?


ජනතාව  අරගල කිරීමෙන් පසු හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ බලයෙන් පහ කිරීම ගැන සතුට පළ කරන රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය බිය පළ කරන්නේ රාජපක්‍ෂ පවුල නැවතත් බලයට පැමිණේද යන සැකයෙනි.

''හිටපු ජනාධිපති සහ අගමැති දෙමළ ජනයාගේ නිජබිම් කොල්ලකෑවේ කිසිම ශිලාචාරකමක් නැතිව ඒකාධිපති ප්‍රවණතාවකින්,''යැයි අම්පාර දිස්ත්‍රික් අතුරුදන් කළවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ උපදේශක තමෝදරම් ප්‍රදීපන් මාධ්‍යවේදීන් හමුවේ සදහන් කරයි.

''මේ නිසා  අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් රැසක් අහිමි වෙලා තියෙනවා. උතුරේ අනෙක් දිස්ත්‍රික්වල ද මේ තත්ත්වය දිගටම පවතිනවා. ඒ නිසා පසුගිය යුද සමයේ මානව  හිමිකම් කඩකිරීම්, යුද අපරාධ චෝදනා එල්ලවූ ගෝඨාභයට කිසිදු රටක් රැකවරණය ලබාදිය යුතු නැහැ.''

dfgdfg


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්