රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී තිබේ.



ඒ සඳහා සාගල රත්නායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ගෙන් ඒ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.


මන්ත්‍රී පුරප්පාඩුව දැනුම් දෙයි

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී  ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (21) දැනුම් දී ඇත.

තමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් රනිල් වික්‍රමසිංහ තමාට ලිපියක් එවා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසූවේය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම පුරප්පාඩුව දැනුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64( 5) වගන්තිය ප්‍රකාරවය.

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂය විසින් පත් කෙරෙන පුද්ගලයා පිළිබඳ නාමයෝජනාව මැතිවරණ කොමිෂන්  සභාවට අද හෙටම ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්