මර්දනයෙන් සහ බැටන් ප්‍රහාරවලින් සාමකාමී විරෝධතා යටපත් කිරීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොව ෆැසිස්ට්වාදය යයි මෙරට ප්‍රකට තරුණ සංවිධානයක්

අවධාරණය කර සිටියි.


අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් එල්ලකළ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇත්තේ, 'ලිබරල් තරුණ ව්‍යාපාරය' (Liberal Youth Movement) යි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වූ ගෝල්ෆේස් අරගලය, ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත් වුවද පවත්වාගෙන යන්නට අරගලකරුවන් තීරණය කර තිබුණි. ඔවුන් ඒ සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ද ප්‍රකාශ කර තිබු පසුබිමක අද දිනයේ මේ සාමකාමි විරෝධතාවයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අරගලකරුවන් ට සහ දේපල වලට දැඩි ලෙස අලාභහානි සිදු කර ඇත.

 

අද දිනයේ සවස දෙකට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඊට ඇතුල් වන ප්‍රධාන පිවිසුම් මාර්ගයද එම පාලනාධිකාරියට ලබා දෙමින් අරගල කරුවන් යම් සාධනීය පියවරක් ගැනීමට සිටි මොහොතක එවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අපි ලිබරල් තරුණ ව්‍යාපාරය ලෙස දැඩිව හෙලා දකිමු.

 

මර්දනයෙන් හෝ බැටන් ප්‍රහාරවලින් රටක දේශපාලන ස්ථාවරත්වය ඇති කළ නොහැකිය. දේශපාලන ස්ථාවරත්වය ඇති කළ හැකි එක ම ක්‍රමය සම්මුතීන් ගොඩනැංවීම ම පමණි.

මෙවැනි ප්‍රහාර සහ මර්දනකාරී ක්‍රියා පිළිවෙත් නිසා සිදුවන එක ම දෙය රට අස්ථාවරත්වයේ පතුළට ම ඇද වැටීම ය. අත්දැකීම් සහිත, පළපුරුදු දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට මෙය නොවැටහීම පිළිබඳව අපි විමතියට පත්වන්නෙමු.

තව කෙනෙකුගේ අදහසක්, මතයක් දරාගැනීම ලිබරල්වාදියෙකුගේ මූලික ලක්ෂණ වන අතර, රනිල් වික්‍රමසිංහ එවැනි ලිබරල් ලක්ෂණයකටවත් අනුකූල නොවීම කණගාටුවට කාරණාවකි.

සාමකාමී සහ නිරායුධ විරෝධතාකරුවන්ට පහර දී ශාරීරික හානි සිදුකිරීම ෆැසිස්ට් පාලනයක ලක්ෂණයකි. එමනිස අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසෙන සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකෙන, නීතියේ ආධිපත්‍යය සහතික වන සමාජ වටපිටාවක් ගොඩනැගෙන පරිදි ක්‍රියා කරන ලෙස අපි රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

PHOTO 2022 07 22 12 42 46


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්