රට මුහුණදී සිටින වත්මන් අර්බුදය ජයගැනීම සඳහා ජාතික සම්මුතීන් ගොඩනැඟීම

අත්‍යවශ්‍ය ම කාරණයක් බව 'යුතුකම' සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග අවධාරණය කර සිටියි.

' යුතුකම 'සංවිධානය වෙනුවෙන් පක්ෂ 11 එකමුතුව නියෝජනය කරන ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී දිව්රුම් දීමේ උත්සවයට ඊයේ (21) සහභාගී වීමෙන් පසු යළි එමින් සිටියදී මාධ්‍යවේදීයකු කළ විමසීමකදී ය.

මාධ්‍යවේදීන් තවදුරටත් සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය :
''රටේ ජනතාවගේ එකඟතාවයක් තියෙනව ද මේ වන විට විශේෂයෙන් යම් යම් කණ්ඩායම් මේ වෙලාවේ මේ සිදුවීම සම්බන්ධයෙන්?


ගෙවිඳු :
අපි යුතුකම සංවිධානය හැටියට ඇත්ත වශයෙන්ම පෙනී හිටියේ අපේක්ෂකයින් කවුරු හෝ බලාපොරොත්තු වෙන අය අතරේ එකඟතාවයකින් මේ ඉතා අසීරු කාලෙක ගෝඨාභය ජනාධිපතිතුමාට ලැබුණු ජනවරමේ ඉතුරු කාලය සඳහා තමයි පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කෙනෙක් තෝරන්න වුණේ. එතකොට ඇත්තටම එතෙන් දි වඩා වැදගත් වෙන්න තිබුනේ මන්ත්‍රීවරුන්ගේ මතයට වඩා අපි නියෝජනය කරන්නේ මේ රටේ මහ ජනතාව. මහ ජනතාවගේ මතය අනුව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම තමයි සිදුවිය යුතුව තිබුණේ.  

හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට එකඟතා හැදුනේ නෑ. හැබැයි අඩුම තරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉල්ලා අස් වුණා යම් එකඟතාවක් මත ඩලස් අලහප්පෙරුම මැතිතුමත් සමග. අපි එකඟතාව අගය කරා. අපි ඒ වෙලාවෙත් ඉල්ලුවා අනිත් අපේක්ෂකයන්ගෙනුත් රට වෙනුවෙන් පොදු එකඟතාවයකට එන්න කියලා.



කෙසේ වුනත් රනිල් වික්‍රමසිංහ අද අපේ රටේ ජනාධිපතිවරයා විදිහට තේරී පත්වෙලා තියෙනවා. අපි හිතන්නේ මේ බැරෑරුම් අවස්ථාවේ එතුමාත් එතුමන්ගේ පෞද්ගලිකව කලින් එක්සත් ජාතික පක්ෂය හැටියට දරපු මත වාද අමතක කරලා මේ අවස්ථාවේදී මේ රට ගොඩ ගැනීම සඳහා යම්කිසි ආකාරයකට ජාතික එකඟතාවන් ගොඩනඟා ගෙන මේ අභියෝගයට මුහුණදීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා ගෙන කටයුතු කරයි කියන එක තමයි අපේ අපේක්ෂාව.




විදේශ මැදිහත්වීම් වළකාලමු !!

ප්‍රශ්නය :
ඔබතුමා හිතන විදිහට දැන් විශේෂයෙන්  'ගෝ ගෝඨා හෝම්' ස්ලෝගන් එක අතන කියැවුණා දැන් ඊළඟට එන්නේ 'රනිල් ගෙදර යනු' කියන එක. දැන් ඒක අතන ඩිවොලොප් වෙමින් තියෙනවා අරගල භූමියේ. මොකක් වෙයිද ඇත්තටම නැවතත් මේ රට අරාජික තැනකට යයි ද? ඔබතුම විසින්  මොකක් හරි ඔවුන්ට යමක් කිව යුතු දෙයක් තිබේ ද?


ගෙවිඳු :
නෑ . ඇත්තටම මහජන නියෝජිතයෙක් විදිහට මට අනාවැකි කීම ඇත්තටම අවශ්‍යත් නෑ. සුදුසුත් නෑ. අපේ බලාපොරොත්තුව තියෙන්නෙ මේ සියලු පාර්ශවවල එකඟතාවක් ගොඩනඟා ගෙන මොකද අපි හිතන විදිහට නම් මේ වෙද්දී මේ අරගලන්දිගටම අරන් ගියොත් අවසාන වශයෙන් වෙන්නේ අපි විජාතික උවමනාවන් වල අතකොළුවක් වෙන එක. අපේ මව්බිම විජාතික බලවේග වල ගොදුරක් වෙන එක. ඒක වළක්වා ගැනීම තමයි මං හිතන්නේ අපේ ප්‍රධාන කාර්ය වෙන්න ඕනා.

ඒ ගමන් අපි දන්නවා අපේ රටේ ජනතාව විශාල දුෂ්කරතා වලට මුහුණ දීලා ඉන්නේ. අපට ඉතිහාසයේ පළවෙනි වතාවට එක්තරා විදිහකට අපේ මව්බිම මුහුණ දෙන දරුණුතම අභියෝගය හැබැයි අපේ දේශපාලන නායකයන් බුද්ධිමත් වෙනවානම් මේ අභියෝගය ඒ ඉතිහාසය තුළ අපට ගොඩනඟා ගන්න බැරි වෙච්ච ජාතික සම්මුතිය ගොඩ නගාගෙන රට නිවැරදි  මාවතට යොමු කරන්න මේක අවස්ථාවක් කර ගන්න පුලුවන් වෙයි කියන එක තමයි අපේ අදහස.

ඒ නිසා අපි අලුතින් පත් වෙච්ච නව ජනාධිපතිතුමා ගෙනුත් ඉල්ලනවා ඔබතුමාගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් පසෙකින් තියලා මව්බිමේ සම්මුතියක් ගොඩ නැගීම සඳහා සියලු පාර්ශවත් එක්ක එකඟතාවයකට ගිහිල්ලා මේ අභියෝගය ජයගන්න ක්‍රියා කරන්න කියලා.''

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්