වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු යෝජනාව වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය වැඩි ඡන්ද 57කින් පාර්ලිමේන්තුව තුළ අද (27) සම්මත විය.


හදිසි නීතිය දීර්ඝ කීරීමට පක්ෂව ඡන්ද 120ක් ද ඊට එරෙහිව ඡන්ද 63ක් ද ලැබී තිබිණි.

මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත  විය.


''ඩලස්ට සහයදුන් නමදෙනෙක් (09) ඡන්දේ දුන්නේ ආණ්ඩුවට ''


ජානිපෙ නියෝජනය කරන විමල් වීරවංශ, ගාමිණී වලේබොඩ, මොහොමඩ් මුසාමිල්, උද්ධික ප්‍රේමරත්න සහ නිමල් පියතිස්ස යන පොහොට්ටු මන්ත්‍රීවරු පස්දෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

එම පිරිස හා එක් වූ ස්වාධින වූ බව කියන කණ්ඩායමේ පක්ෂ නායකයන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග සහ අසංක නවරත්න යන මන්ත්‍රීවරුද සිව් දෙනාද ඡන්දය ලබා දුන්නේ හදිසි අවස්ථාව පැනවීමට පක්ෂව යි.

ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේ දී මෙම පිරිස ඡන්දය දුන් බව පැවසුවේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඩලස් අලහප්පෙරුම වෙතයි.


ඊයේ  (27) දින ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 120ක් වන අතර ඉහත මන්ත්‍රීවරු පිරිස හදිසි අවස්ථාවට එරෙහිව ඡන්දය ලබාදුන්නේනම් ආණ්ඩුවට හිමිවනු ඇත්තේ ඡන්ද 111ක් පමණයි.


ඒ අතර ජනාධිපති ධුරය සඳහා තරග කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සමඟ මහාචාර්ය ජී.එල්. පීරිස් (පොහොට්ටුවේ සභාපති), ඩිලාන් පෙරේරා, උදය කිරිඳිගොඩ සහ ආචාර්ය නාලක ගොඩහේවා (වියත්මග) ඡන්දය භාවිතා කළේ හදිසි අවස්ථාව පැනවීමට එරෙහිව යි.  

මේ අතර මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධාන (TPA) මන්ත්‍රීවරු පස්දෙනාම හදිසි නීතියට එරෙහිව ඡන්ද දුන්හ.    

parliament member 2022.07.28 2

parliament member 2022.07.28 3 ත්‍රීවිධ හමුදාවට පුර්ණ බලතල !

හදිසි නීති අණපනත් අනුව එය ක්‍රියාත්මක අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත්, සිවිල් ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩක්‍රියා, උද්ඝෝෂණ, මර්දනය කිරීම සඳහා බලය යෙදවීම මෙන්ම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ බලය ද හිමි වේ.

ඉකුත් ජූලි 17 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම අවස්ථාවේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් හදිසි අවස්ථා ප්‍රකාශනය සිදුකරනු ලැබිය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්