සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා

හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

ඔහු එම කාරණය ඉස්මතුකර සිටියේ, මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් බැලීමට අද (04) කොළඹ කොටුව පොලීසිය වෙත ගොස් එමින් සිටියදී මාධ්‍යවේදීන් හමුවේ ය.

වැඩකරන ජනතාව වෙනුව කරන ජනතාව වෙනුවෙන් මෙන්ම ගුරු පරපුර වෙනුවෙන් ද අරගල කළ ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන සිටියදී, මර්දනයේ පිතෘවරයා වන මහින්ද රාජපක්ෂ සුවසේ කල් ගත කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළයුතු අන්තනෝමතික ලෙස දේශපාලන දඩයමේ යෙදීම හෙළා දකින බවත්, මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නට පෙරාතුව මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ජෝසප් ස්ටාලින් ගැන කළ ප්‍රකාශය සිහිපත් කළ විපක්ෂ නායකවරයා, එදා ඔහු අත්අඩංගුවට ගන්නා විට ජී එස් පී සහනය අහිමිවන්නට පුළුවන් යැයි කීවා නම් අද එසේ නොවන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.



ප්‍රශ්න විසඳිය යුත්තේ බෝම්බයෙන් කඩුවෙන් උණ්ඩයෙන් වැනි ආයුධවලින් නොවන බවත් එය කළ යුත්තේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා, වර්තමානය දක්වා ඇදී ආ හිංසන චක්‍රය ආරම්භ කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බව ද පැවසීය.

ඕනෑම පුරවැසියෙකුට තමන් දරන මතය වෙනුවෙන් ඉදිරිපත් වීමටත්, පෙනී සිටීමටත්, කතා කිරීමටත් රැස්වීමටත්, සාමකාමීව විරෝධතා දැක්වීමටත්, අයිතියක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ප්‍රචණ්ඩත්වයෙන් තොර ඕනෑම අරගලයකට ඇති අයිතිය කිසිවෙකුටත් උල්ලංඝනය කළ නොහැකි බව ද සඳහන් කළේය.

 ජෝසප් ස්ටාලින් තමන්ට හිමි අයිතිය රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කළ බවත් එකී අයිතියට විරුද්ධ වන්නට කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.




ජෝසෆ් ස්ටාර්ලින් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්


මේ අතර ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පැවැත්වේ.

විකල්ප මතධාරීන් මර්දනය වහා නතර කළ යුතු බව විරෝධතාකරුවන් කියා සිටිති.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්