පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය

සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක එකඟ වුවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් සමගි ජන බලවේගයේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල ගේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට  සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය.



2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ප්‍රේමදාස එහිදී පැවසීය.

2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය

 

 

  

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්