පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සදහා සහභාගිවීමට බ්‍රිතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන්

ඉවත්ව ගොස් ඇති බව ඒ එෆ් පී (AFP) පුවත් සේවය වාර්තා කරයි.

මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මෙලෙස අතුරුදන්වී ඇති බවයි.

ඒ අතරින් තුන් දෙනෙකු පසුගිය සතියේදී පැනගොස් තිබූ අතර සෙසු හත් දෙනා ඉකුත් දින කිහිපයේදී නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා විය.

අතුරුදන් වූ සෙසු ක්‍රීඩකයින් කවුරුන් දැයි අනාවරණය නොකරන එම ක්‍රීඩා බලධාරියා පවසන්නේ ඔවුන් රැකියාවන් අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට උත්සාහ කරන බවට අනුමාන කරන බවයි.

 

මීට පෙර අතුරුදන් වූ තිදෙනා රැඳී සිටින ස්ථානය බ්‍රිතාන්‍ය පොලිසිය මගින් හඳුනා ගත්තද ඔවුන්ට මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බව ඒඑෆ්පී පුවත් සේවය වෙත තොරතුරු ලබා දුන් ක්‍රීඩා බලධාරියා පවසා තිබේ.

 

කෙසේ වෙතත් ඔවුන් සිටින නිශ්චිත ස්ථානයක් ගැන පොලිසිය තොරතුරු ලබා දී නොමැත.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයන් හමුවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වන්නට ඇති බවද ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී විය.


පසුගිය කාලය පුරාම සිදු වූ දෙයක් ...


විදේශීය තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම රටවල නතරවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරාම වාර්තා වී ඇත.

ලෝක ශූරතා තරගාවලියට ඔස්ලෝ ගිය ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අතහැර කලමනාකරු අතුරුදන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

දකුණු කොරියාවේ පැවති 2104 ආසියානු ක්‍රීඩා උලෙලට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් ද අතුරුදන් විය.

එසේම ශ්‍රී ලංකාවේ අත් පන්දු ක්‍රීඩාව නොතිබූ 2004 වර්ෂයේදී 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජර්මනියට ගොස් අතුරුදන් වීමේ සිද්ධිය පදනම් කරගනිමින් පසුකාලීනව සම්මානිත චිත්‍රපටයක් පවා නිර්මාණය විය. 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්