අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි

පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේ දී අද (9)පැවසීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හරි තීන්දු නොගත්තොත් රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක් බවද අනුර යාපා කීය.

තවත් ජන නැගිටීමකට ඉඩ තැබීමට පෙර ජනතා ප්‍රශ්න වල සැබෑ ස්වරූපය හඳුනාගත යුතු බව කී මන්ත්‍රීවරයා, දේශපාලනඥයා මීට වඩා විනය ගරුකව දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවද සැබෑ ජනතා නායකයින් ඇති වන තුරු ජනතාව කිසිම අවස්ථාවක දේශපාලකයන්ට සමාව දෙන එකක් නැතැයි ද කීය.

රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කතාව පිළිබඳ විවාදයට එක්වෙමින් අනුර යාපා මේ බව කීය.



ජනාධිපතිට අමතක වූ කාරණේ මුජුබුර් මතක් කරයි

මෙම විවාදයේදී අදහස් දැක්වූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන්, රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව පැවසීය.

දූෂණය නතර කිරීම ගැන සහ මෙතෙක්  සිදුවූ දුෂණයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව කීමට ජනාධිපතිවරයාට අමතක වූ බව කී මුජිබුර් රහුමාන්, කතාවේ එක තැනකවත් දූෂණය නතර කරන බවක් හෝ පසුගිය කාලයේ සිදු වූ  දූෂණ ගැන සොයා බලන වගක් කිව්වේ නැති බව පැවසීය.

දේශපාලකයන් ගැන සමාජයේ ලොකු වෛරයක් තිබෙන අතර දේශපාලකයන් එය තේරුම් ගත යුතු යැයිද එම වෛරය ඇති වුනේ ඇයි දැයි තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.

අරගලකරන තරුණයන් නැගිට්ටේ කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කර ගන්නා සම්ප්‍රදායට බවත් මෙය දේශපාලනිකව කියවා ගන්න බැරිනම් වත්මන් දේශපාලකයන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවත් මුජුබුර් රහුමන් මන්ත්‍රීවරයා කීය.
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්