දහතුන් වසරකට ඉහතදී සිය සමීපතමයන්ට අත් කර දුන් ඉරණම හෙළි නොකර මුදල් ලබා දී මරණ සහතික දීමට

ආණ්ඩුව ගන්නා උත්සාහය ශ්‍රී ලංකාවේ දීර්ඝතම විරෝධතාවයට එක්ව සිටින යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් විසින් පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

''හමුදාවට බාර දුන් අපේ ආදරනීයයන්ගේ ඉරණමට පිළිතුර මරණ සහතික නම්, ඒ මරණ සිදු කළේ කවුද ? ''

සිංහල, දෙමළ, ඉංශ්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ලියන ලද ඉහත ප්‍රශ්න කිරීමද ඇතුලත් සටන් පාඨ පෙරටු කරගත් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, සිය අඛණ්ඩ අරගලයේ 2000 වැනි දිනය අගෝස්තු 12 වැනි සිකුරාදා සනිටුහන් කළේ කිලිනොච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධය ඩිපෝ මංසන්ධිය දක්වා විරෝධතා පෙළපාලියකින්  ගමන් කරමිනි.

2000

අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීම සහ මරණ සහතික ලබා ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරන දෙමළ මව්වරුන් එක හඩින් ඉල්ලා සිටිනේනේ සිය සමීපතමයන්ට අත් වු ඉරණම හා ඊට වගකිය යුත්තන් වහාම  හෙළිකරන ලෙසයි.

යුද සමයේත් ඉන් පසු යුගයේත් අතුරුදහන් කරන ලද දෙමළ දරුවන්ගේ ඉරණම දැනගැනීමට දියත් කොට තිබෙන ලංකාවේ දීර්ඝතම අහිංසාවාදී සටනේ දෙදහස් වැනි දිනයේ දකුණේ සිට උතුරට  ගිය වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ප්‍රමුඛ ක්‍රියාධාරීන් කිලිනොච්චියේ දී සිංහල සටන් පාඨ කිලිමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ දහතුන් වසරක් තිස්සෙම යුක්තිය නොලද දෙමළ මව්වරුන්ගේ හඩට කන් දෙන ලෙසයි.



"මේ දෙමව්පියෝ අම්මලා තාත්තලා ගිහිල්ලා හමුදාවට පොලිසියට බාර දුන්නු දහස් ගණන් ළමයි ඉන්නවා. ඒ බාරදුන්නු අය සම්බන්ධයෙන් කෝ යුක්තිය?" ප්‍රශ්න කළ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් යුක්තිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.



කිලිනොච්චියේ දියත් කළ විරෝධතාවය සදහා උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක 8 ම නියෝජනය වන පරිදි  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් සිය ගණනින් එක්ව සිටි අතර වව්නියාවේදී ද තවත් විරෝධතාවයක් දියත්කිරීමට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ මව්වරුන් කටයුතු කර තිබුනි.

වයස්ගත දෙමළ මාතාවන් එහිදී ද ප්‍රශ්න කර තිබුනේ යුද්දය අවසාන මොහොතේ සියතින්ම යුද හමුදාවට බාර දුන් දරුවන්ට අත්වු ඉරණම හෙලි කරන ලෙසයි.



බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට  එක්ව සිටි දෙමාපියන් 138 දෙනකු සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබෙන බව කිලිනොච්චි විරෝධතාවයේ ඉදිරියෙන්ම රැගෙන ගිය  ප්‍රධාන බැනරයක සදහන්ව තිබුනි.



අරගලයේ යෙදෙන මව්වරුන් අනෙක වාරයක් පොලිසියේ හා හමුදාවේ අඩන්තේට්ටමට ගොදුරු වී තිබෙන අතර එම විරෝධතාව වාර්තාකරන උතුරේ මාධ්‍යවේදීන් රජයේ ආරක්ෂක අංශවල ප්‍රහාරයටද ලක්වී තිබේ.

අඛණ්ඩ අරගලයේ දෙදහස් වැනි දිනයට එක්ව සිටි මුලතිවුහි දෙමළ මවක් වන රන්ජනා දේවි කිලිනොච්චියේදි සදහන් කළේ  “මේ අරගලයේ හැමෝම මැරිලා ඉතුරු වෙන අන්තිම කෙනා මම වුණත්, මම තනියම හරි මගේ දරුවාට යුක්තිය දිනාගන්න සටන් කරනවා.” යනුවෙනි.


"හමුදාවට බාර දුන් අපේ ආදරනීයයන්ගේ ඉරණමට පිළිතුර මරණ සහතික නම්, ඒ මරණ සිදු කළේ කවුද ?,

අපි දිනපතා අපේ දරුවන් සොයමින් යුක්තිය නොදැකම මියයමින් සිටිමු!.

වන්දි ගෙවන බව කියන්නේ අපරාධ වසන්කිරීමටයි, ඔබේ හමුදාව විශ්වාස කර බාර වු අපේ දරුවන් අතුරුදහන් වුයේ කෙසේද?,

රැවටිලිකාර කොමිෂන් පරීක්ෂණ 12 ක්"  

ආදී ප්‍රශ්නාර්ථ සහිත පුවරුද විරෝධතාකරුවන් අත විය.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

ඔවුන්ට අත්වු ඉරණම සෙවීම සදහා මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවන ලද නමුත්  ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට එම කාර්යාලයට  මේ තාක් හැකිවී  නැත.

2000 Days 1
2000 Days 2
2000 Days 3

 

                       


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්