ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂාකර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂ අපේක්ෂකයා පරාජය කිරීමට ශ්‍රීලංකා කාරයින්

අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව ශ්‍රීලනිප උප සභාපති කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ඔහු මේබව සඳහන් කළේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ඊයේ (25) පැවති විශේෂ හමුවක් අමතමිනි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුව සඳහා දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරමින් ආසන සංවිධායකයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

මෙම හමුව මාධ්‍යයට විවෘත නොවූ අතර රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම කටයුතු යොදා තිබුනද එය අවලංගු කිරීමට සංවිධායකයින් පසුව තීන්දු කර තිබිණ.

රැස්ව සිටි නියෝජිතයින් ඇමතු කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

 ''ආයිත් මම ආපස්සට යන්නේ නැහැ''

 ''අද පැවැත්වෙන මේ රැස්වීම ඉතා සාර්ථක රැස්වීමක්. දැන් අපි මේ සාර්ථක රැස්වීම ඉදිරියට ගෙනියන්න ඕනේ. වැඩිය කතාකරන්න දෙයක් නැහැ. චන්ද්‍රිකා නෝනගේ නායකත්වයෙන් කුමාර වෙල්ගම මේකේ නායකත්වය දෙනවා . ආයිත් මම ආපස්සට යන්නේ නැහැ.

මම මහින්ද මහත්තයාට උදව්කරපු බව ඇත්ත. හැබැයි කාටවත් කියන්න බැහැ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දාලා  ගියා කියලා. මොකද මම මහින්ද මහත්තයාට උදව් කරේ 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කෙරුවට පස්සේ ඒ එක්කාසු වෙන්න ආරාධනා කරපු රැස්වීමෙදි රුවන් රණතුංග මන්ත්‍රීතුමා කිව්වා වගේ මම ඒකට විරුද්ධ වෙලා එළියට බැස්සා.

එළියට බැහැලා මම මහින්ද මහත්තයා එක්ක ගියා. එතකොට මහින්ද මහත්තයාට කවුරුවත් හිටියේ නැහැ එක ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයාට හිටියේ නැහැ. එතුමා පැරදුනාට පස්සේ  හිටපු එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා මේ කුමාර වෙල්ගම විතරයි කියන එක මම තමුන්නාන්සේලාට කියනවා. එතුමා නුගේගොඩ රැස්වීමට කවුරුත් නැති හින්දා බය වුණා. අපේ පක්ෂයේ නායකතුමා කිව්වා ඒකට නැග්ගොත් මන්ත්‍රීකම අයින් කරනවා කියලා. නමුත් මම බය නැතුව නැග්ගා. මම  නැග්ගට පස්සේ අනිත් අය නැග්ගා.

 ''මම මේ පක්ෂෙට ඇවිල්ලා අවුරුදු 38 ක් වෙනවා''

ඉතින් ගොඩක් දේවල් තියනවා කියන්න මම මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. දැන් අපි ඉදිරි වැඩ පිළිවෙලකට යන්න ඕනේ. මම මේ පක්ෂෙට ඇවිල්ලා අවුරුදු 38 ක් වෙනවා ආසන සංවිධායක වරයෙක් හැටියට. පරණම ආසන සංවිධායකවරයෙක් මම. දැන් මම අවුරුදු 25 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. හොඳ අත්දැකීම් තියෙනවා. මේ පක්ෂය ගැන ඉතාම හොඳට දන්නවා.

මට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්වීම දීලා මාව මේ තැනට ගේන්න ඒ කපා දුන් මාර්ගය මම අදත් මෙනෙහි කරනවා. එතුමියට අත් දෙක උස්සලා මම අදත් වැඳිනවා. මොකද එතුමිය ඒ තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. මම චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුවේ හිටියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටියා. ඉතින් ඒ නිසා මම හොඳටම පළපුරුදු තියෙන කෙනෙක්. මම කියන්නේ නැහැ සියල්ල දන්නවා කියලා. නමුත් දේශපාලන වශයෙන් හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ වගේම මට හොඳට දුර පේනවා.

 ''දින 52 අගමැතිකම ගන්න එපා කියලා මම මහින්දට කිවා''

 ඒ නිසා තමයි මම මහින්ද මහත්තයාට කිව්වේ දින පනස් දෙකේ අගමැති කම ගන්න එපා කියලා. මම පැහැදිළිවම කෑගහලා ජීඑල්. පීරිස් මහත්යාගේ ගෙදරදී කිව්වා ගත්තොත් අපිට 113 නැහැ කියලා. නමුත් ගත්තා. මම සම්පූරණයෙන්ම ඇමතිකම ප්‍රතික්ෂේප කරා.

මම සිරිසේන මහත්තයා ගාවට ගියා නම් 2015 මට හොඳ ඇමතිකමක් ගන්න තිබුණා. නමුත්  ඒක මම ප්‍රතික්ෂේප කරා. මේ ගමන පොහොට්ටුව මම හිටියනම් මම දන්නවා සියයට සීයක් දිනනවා කියලා. ඉතින් මේ ඇමතිකමද ලොකු අපේ පක්ෂයද ලොකු. ඒ නිසා  මම කියනවා මේ ඇමතිකම්වලට වැඩිය අපි අපේ රටත් පක්ෂයයි ආරක්ෂා කළ යුතුයි කියන එක  මම කියනවා.

මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් මම බය නැතුව කියනවා එදා මම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නකොට  එදා ආණ්ඩුව විසුරුවා හැරියට පස්සේ මට පක්ෂ සාමාජිකත්වය ගන්න කිව්වා. මම කිව්වා නැහැ මම ගන්නේ නැහැ. මොකද මම අවුරුදු 38 ක් හිටපු ශ්‍රී ලංකා කාරයෙක්. ඒ නිසා . අදත් මම කෑගහලා කියන්නේ මම ඉතාමත්ම හොඳ,  පිරිසිඳු, එහාට මෙහාට නොගිය  ශ්‍රී ලංකා කාරයෙක් ඒ නිසා මට විශාල කැක්කුමක් තියෙනවා මේ පක්ෂය නැතිවෙන්න යන එක ගැන. test 46

මම දන්නවා පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරිවෙන්නේ නැහැ. පොහොට්ටුව දින්නොත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත් පොහොට්ටුවේ සභාපති වෙන්නේත් දෙන්නම රාජපක්ෂවරුන් කියන එක මම ඔබතුමාලට කියන්න ඕනේ.

ඒ ගැන මම හොඳට දන්නවා මම ඒ අය එක්ක හිටපු නිසා. මගේ ගෙදරට ප්‍රහාරයක් එල්ලකරනනොට කිසිම බඩුවක් මුට්ටුවක් ගෙනිච්චෙ නැති වුනාම මම දන්නවා කවුද කරේ කියලා. හැබැයි මම කියන්න යන්නේ නැහැ මොකද මාත් ඒ ගොඩේ හිටපු නිසා. ඒ නිසා මම දන්නවා කවුද මේක කරේ කියන එක නමුත් මම ඒකට තැවෙන්නේ නැහැ.

ඉතින් ඒ නිසා මම තමුන්නාන්සේලාට කියනවා. දැන් අපි මෙතනින් නවතින්න බැහැ ඉස්සරහට යන්න ඕනේ. මේ හෝල් එක පිරෙන්න සෙනඟ හිටියත් මේ ඉන්නේ පිරිසිඳු ශ්‍රී ලංකා කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඉදිරියට යන කට්ටිය. ඒ නිසා මම කියන්නේ තමුන්නාන්සේලා මට ඒ දහිරියට දෙන්න ඕනේ.

 චන්ද්‍රිකාගේ අභිනන්දන උත්සවය :

ඒ නිසා තමයි මම තමුන්නාන්සේලාට කියන්නේ අපි මෙතනින් තවත්තන්නේ නැතුව අපි ඊළඟ අපේ පක්ෂ සම්මේලනයේ අපේ හිටපු නායිකා අපේ අනුශාසක අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අවුරුදු 25 පිරෙන අභිනන්දන උත්සවය ඉතාම ජයග්‍රාහී අන්දමෙන් රටට පේන්න කරන්න ඕනේ.

ඒක රටට පෙන්නන්න ඕනේ ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ අපිත් එක්ක කියන එක නැත්නම් එක එක්කෙනා කියනවා ශ්‍රී ලංකා කාරයෝ ඉන්නේ ඒගොල්ලො එක්ක කියලා. නමුත් අපි නොවෙම්බර් මාසේ 5වෙනිදට අපි පෙන්නන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉන්නේ වෙන කාගෙවත් ගාව නෙවෙයි අපිත් එක්ක කියලා.

ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා මේ සමුළුවට සහයෝගය දෙන්න. අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අරන් එන්න. මම දන්නවා  මට වගේම තමුන්නාන්සේලාටත් ප්‍රශ්න තියෙනවා නමුත් ඒ ප්‍රශ්නවලට අපි මුහුණ දෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටි වැටි නැගිට්ට පක්ෂයක්. අපිව වැට්ටුවට අපට නැගිටින්න පුළුවන්. නැගිටින්න නම් පක්ෂ සම්මේලනයේ චන්ද්‍රිකා මැතිනියගේ මේ අභිනන්දන උත්සවය අතිසාර්ථක කරගන්න තමුන්නාන්සේලා සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා.

ඉතින් මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. අපිට සම්මේලනයේදී කතා කරන්න පුළුවන්. මම පරණ  ශ්‍රී ලංකා කාරයෝ ගැන දන්නවා. නමුත් අලුත් ශ්‍රී ලංකා කාර‌යො මම අඳුරන්නේ නැහැ. මොකද ඒ අය එනකොට මම හිටියේ ඒකාබන්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක. ඉතින් ඒ නිසා අපි අඳුරගෙන අපි එක්කහුවෙලා මේ ගමන ඉදිරියට යමු. මොකද අපිට කරන්න විශාල වැඩකොටසක් තියෙනවා.

 පොහොට්ටුව පරාජය කළ යුතුයි

අතාවුද සෙනෙවිරත්න කිව්වා වගේ අපිට ඉදිරියට යන්න ඕන  නම් මේ මැතිවරණයේදී  පොහොට්ටුව පරාජය කළ යුතුයි කියල මම කියන්න ඕනේ. ඒකට අපි ඔක්කොම එකහුවෙලා වැඩ කරමු. අපිට වෙන විකල්පයක් නැහැ. හිතන්න එපා විකල්ප තියෙනවා කියලා.මම පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ. ඒක මම තමුන්නාන්සේලාට ප්‍රසිද්ධියේ කියනවා. ඒ වගේම මම හංසයාට දෙන්නෙත් නැහැ. ඒකත් මම කින්න ඕනේ මොකද මගේ හෘද සාක්ෂියට එකඟව මට කියන්න බැහැ මම හංසයාට ඡන්දය දෙනවා කියලා. මොකද මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට එදා මම 2015 දි විරුද්ධ වුණා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ යනවට අද මට ඒක වෙනස් කරන්න බැහැ.

ඒ නිසා මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට ඉස්සරහට එනවා. හැබැයි මගේ ඡන්දය මම පාවිච්චි කරනවා ඒක කාටද කියලා මගෙන් අහන්න එපා. ඒක මගේ පෞද්ගලික ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මට තියෙනවා. තමුන්නාන්සේලාට ප්‍රශ්න කරන්න බැහැ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන. ඉතින් ඒ නිසා මම ඔබතුමාටල කියනවා මම මගේ ඡන්දය පාවිච්චි කරනවා. මම ඒ ඡන්දය පාවිච්චි කරන නිසා මම දන්නවා පොහොට්ටුව පරාජය වෙනවා කියලා.

test 47අපි හොඳ වමේ මිනිස්සු. එක එක්කෙනා එක එක නම් කිව්වා අර පැත්තට ගියා මේ පැත්තට ගියා කියලා. එහෙම ගිය එක්කෙනෙක් නෙමෙයි මම, මම හොඳ පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. ඒකයි මම අද බය නැතුව කතා කරන්නේ, ඒකයි අද මම ඔබතුමන්ලාට නායකත්වය දෙන්නේ. මට කෙලින් කතා කරලා කියන්න පුළුවන් මම හොඳ ශ්‍රී ලංකා කාරයෙක් කියන එක.

 ඉතින් අපිට බණ්ඩානායක මැතිනිය මතක් වෙනවා අපි කොහොමද මේ පක්ෂය දියවෙන්න අරින්නේ. බණ්ඩාරනායක මැතිනිය අපිට සලකපු හැටි මේ පක්ෂය ආරක්ෂා කරපු හැටි මම දැක්කා එදා. ඒවගේම චන්ද්‍රිකා නෝනත් මේ පක්ෂය ආරක්ෂා කරා. ඒක අපිට හොඳට මතකයි. එතුමියත් මේ පක්ෂය විනාශ කරන්න හැදුවේ නැහැ ආරක්ෂා කරා. හැබැයි මම මහින්ද මහත්තයාගේ කැබිනඩ් එකෙත් හිටියා, ආතාවුද සෙනෙවිරත්න මැතිතුමා හිටියා, ඒවගේම මිල්රෝයි ෆර්නැන්ඩු මැතිතුමාත් හිටියා ඒ වගේම අපේ රුවන් රණතුංග මැතිතුමාත් හිටියා මන්ත්‍රිවරයෙක් හැටියට. ඉතින් අපි දන්නවා ඒ කාලේ කටයුතු කරපු හැටි. අපි දැන් ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. මට විවේචනය කරන්න බැහැ.  ඒ විවේචනය කරන එක හොඳ නැහැ.  

 දැන් අපේ යුතුකම !

 දැන් අපේ යුතුකම වෙන්නේ පක්ෂය ඉදිරියට ගෙනියන එක. ඒ නිසා මම තමුන්නාන්සේලාට නායකත්වය දෙනවා චන්ද්‍රිකා නෝනත් එක්ක. චන්ද්‍රිකා නෝනගේ මූලිකත්වයෙන් මම බය නැතුව නායකත්වය දෙනවා. මොකද මම බය නැතුව ඉදිරියට ආපු කෙනෙක්. කියපු වචන සියල්ලක්ම බය නැතුව කතා කරපු කෙනෙක්. මොකද ඔය මාත් එක්ක හිටපු ඔක්කෝම අප්පුහාමිලා ගැන මම දන්නවා. ඒ නිසා තමුන්නාන්සේලා බය නැතුව එන්න. මේ පක්ෂය ආරක්ෂා කරන්න බය නැතුව එන්න කුමාර වෙල්ගම තමුන්නාන්සේලාත් එක්ක ඉදිරියටම යනවා. ජයවේවා.

මේ පක්ෂය වැටෙන්න දෙන්න බැහැ. මේ පක්ෂයට නායකත්වය දෙන්න ඕනේ. මොකද දැන් අපිට හොඳ නායිකාවක් ඉන්නවා. අපේ චන්ද්‍රිකා නෝනා පොඩි පොඩි ප්‍රශ්න අමනාපකම් තිබුණට අද රටේ මිනිස්සු පිළිගන්නවා මෙතුමිය හොඳ නායිකාවක් කියන එක. ඒ නිසා බණ්ඩාරනායක මැතිනිය එක්ක හිටියා වගේ අපි ඔකොම එතුමිය එක්ක එකතුවෙලා ඉදිරියටම යමු කියලා මම ප්‍රකාශ කරනවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්